Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෝදා පෙරවරු 06.00 – 06.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6.30 – 7.00 උදෑසන බුද්ධපූජාව, 08.00 – 9.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9.00 – 10.00 පෙරවරු ධර්මදේශනාව සූරියවැව සාරානන්ද හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 – 2.00 සීල භාවනා සමිතිය, 2.00 – 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 – 4.00 පස්වරු ධර්ම දේශනාව උඩවෙල කෝලිත හිමි, 4.00 – 5.00 පරිත්‍රාණ ධර්ම දේශනාව 5.00 – 6.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 සන්ධ්‍යා ධර්ම දේශනාව කොස්වත්තේ අරියවිමල හිමි.

කළුතර බෝධිය

දුරුතු පෝදා පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම, වැලිකල පඤ්ඤාකර හිමි, 7.30 – 9.45 ධර්මදේශනාව ගම්පහ සිරි සීවලී හිමි, 10.00 – 11.30 ධර්මදේශනාව යට්ටෝගොඩ ධම්මාලෝක හිමි. පස්වරු 1.00 – 2.45 ධර්මදේශනාව වීදුරුපොල ආනන්ද හිමි, 3.00 – 4.15 ධර්මදේශනාව ගංගොඩඅරාවේ හේමාලෝක හිමි, 4.30 – 6.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි.

කිරිවෙහෙර රජමහා විහාරය

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී දුරුතු පෝදා පින්කම් රැසක් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. එදින උදෑසන අටසිල් සමාදන් කරවීම මල්, පහන්, ගිලන්පස, කිරි ආහාර පූජාවන් ද ශබ්ද පූජා මධ්‍යයේ ෂඩ්වර්ණ ශාඨකයක් වැඩමකර කිරිවෙහෙර චෛත්‍යය වටා පැළඳවීමේ කංචුක පූජාවක් ද පැවැත්වේ.

උදේ ධර්මදේශනාව රත්මලාන පරමධම්මචේතිය පරිවේණාධිපති කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් කෘත්‍යාධිකාරී ‘ කරම්බන්කුලමේ සිරිධම්ම’ හිමියන් විසින් විහාරස්ථ ධර්ම ශාලාවේ දි පවත්වනු ලබන අතර භාවනා වැඩසටහන් චෛත්‍යමළුවේ දී පැවැත්වේ.

පෝදා බත් දන්සල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දානශාලාවේ පැවැත්වෙන අතර විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ඔසුපැන් දන්සල ද එම ස්ථානයේ පැවැත්වේ. සවස මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර චෛත්‍යය මළුවේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල්, පහන්, ගිලන්පස පූජාකර බෝධීන් වහන්සේ නෑවීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධී තේවාව භාර කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ.

රාත්‍රී ධර්මදේශනාව අටවිසි මහා බෝමළුවේ දී පැවැත්වේ. පහන් 5000 අලෝක පූජාව කිරිවෙහෙර තුන්වන මළුව සමීපයේ පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර් අධිපති අජිත් කරුණාතිලක, මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ලග්ගල අසම හිමි, 8.00 – 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව පැනසිහගම ඛේම හිමි, අතුරුගිරියේ සුධීර හිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ ඕමාරේ සුදස්සි හිමි නාවල උදිත හිමි, 01.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 03.00 – 03.45 ධර්ම දේශනාව කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති තුම්බෝවිල ධම්මරතන හිමි, 4.00 – 05.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත වෙන්නවත්තේ රතනජෝති නාහිමි, 05.00 – 06.00 ධම්මපදය, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 06.00 – 06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහානාහිමි. 8.00 – 8.30 සතිපට්ඨාන සූත්‍ර දේශනාව, 8.30 – 9.30 ධර්මානුශාසනා ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කරපුටුගල රේවත හිමි, 9.30 – 11.00 භාවනාව සහ අනුශාසනාව, බුද්ධ පුජාව සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, පස්වරු 12.15 – 01.15 සෙත් පිරිත් සිරි වජිරාරාමාධිකාරි හා සිරි වජිරාරාම දහම්පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රවේදී කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 – 2.30 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම්පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 3.00 – 4.00 ගිහි දේශනය මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා, 04.00 - 05.00 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති කිරම රාහුල හිමි, 5.00 – 6.00 ධර්මානුශාසනාව ශාස්ත්‍රවේදී වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පුජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කහටපිටියේ පඤ්ඤාසාර නාහිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ,වාරියපොල ධම්මශාන්ත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය මහාචාර්ය රවීන්ද්‍ර කොග්ගලගේ මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි දුරුතු පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරත්න, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , හුණුවල පියදස්සි, තිස්සමහරාම ධම්මසාර, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන් ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ දී දුරුතු පුර පසළොස්වක පොහෝදා, ශීල, භාවනා ධර්ම දේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථානයේ උපාසක උපාසිකා සමිතියේ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථශීලය හා කෙටි අනුශාසනාව, විහාරාධිපති, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව, ශ්‍රී ජයශේඛාරාරාමවාසී ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්මදේශනාව ත්‍රිපිටකාචාර්ය වැල්ලම්පිටියේ විනයවංශ හිමි 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, පස්වරු 12.15 – 12.45 ට සෙත්පිරිත් දේශනාව, ශ්‍රී ජයශේඛරාරාමවාසී, ස්වාමීන් වහන්සේලා 1.00 – 2.00 මාසික රැස්වීම, 2.15 – 3.15 ධර්ම දේශනය 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්මදේශනය ගැට්ටුවානේ සුමේධ හිමි, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 අටවිසි බුද්ධ පූජාව හා සවස ගිලන් පස පූජාව රාත්‍රී 8.00 – 9.00 රාත්‍රී ධර්මදේශනය පටිගත කරන ලද දේශනයක්.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයෙහි දුරුතු පුන් පොහෝ දින අලුයම 05.30 ක්ෂීරපායාය අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවීකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංශ හිමි, 9.30 – 10.30 දහම් දෙසුම ශාස්ත්‍රපති වල්ගම සුමන හිමි, 11.00 දවල් බුද්ධ පුජාවෙන් අනතුරුව පස්වරු 12.00 – 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.00 දහම් දෙසුම ත්‍රිපිටකාචාර්ය විනීත හිමි, 3.00 – 5.00 භාවනා වැඩසටහන මෙත්තාවංශ හිමි, සවස 6.00 ට මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදී දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම දුරුතු පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පුරපොහෝ දින වැඩසටහන සිදු කෙරේ.

අලුයම 05.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර, 06.30 – 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්මා සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නා හිමි, 8.30 – 9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණරතන නාහිමි, 10.00 – 10.45 භාවනාව දම්පහළ ඤාණරතන නා හිමි, 11.00 දවල් සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 – 2.00 ගිහිදේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.00 – 3.00 ධර්ම දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 3.15 – 4.00 ජාතක කතා දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 4.00 – 5.00 මහා සමය සූත්‍ර දේශනාව සහිත පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන්වහන්සේලා, 5.00 සිල් පවාරණය සිදු කිරීම ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි, 6.30 – 7.30 අටවිසි ගිලන්පස බෝධිපූජාව සහ පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි, පස්වරු 2.15 ට බුදුසරණ පුවත්පත ධර්මදානය පිණිස බෙදාදීම දායකත්වය බුරුතගොල්ල ඔක්කම්පිටිය පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය සහ මොරටුව තරුණ බෞද්ධ සමිතිය විසිනි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 7.00 – 7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, 8. 15 – 10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 10.00 – 11.00 ධර්මදේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 11.00 – 11.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00 – 2.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංස නාහිමි, 4.00 – 5.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති ගල්කිස්සේ සෝමානන්ද හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති අලුත්වෙල ධම්මසති හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් රචිත ධර්ම ග්‍රන්ථයක් මෙදින උපාසක උපාසිකාවන්ට පිරිනැමේ.

අනුරාධපුර සදහම් සෙවණ

දුරුතු පුන් පොහෝ දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා පින්කම් පැවැත්වේ. එම වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ.

පුන් පොහොය වැඩසටහනට සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා සහ දහම් පොත් බෙදා දෙන බව ද කියයි.

දුරුතු පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් පැවැත්වේ.

මෙම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.