Print this Article


මිණිඔළුවේ විද්‍යාවාස පිරිවෙනේ දුරුතු පූජෝත්සවය

මිණිඔළුවේ විද්‍යාවාස පිරිවෙනේ දුරුතු පූජෝත්සවය

මීරිගම මිණිඔළුවේ විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ දී දුරුතු පෝදා දවස පුරා දුරුතු පූජෝත්සවය මකුලෑවේ විමල නා හිමියන්ගේ අනුශසනා පරිදි පැවැත්වේ.

විද්‍යාවාස පරිවේනාස්ථ ශ්‍රී ඤාණේශ්වර දහම් පාසලේ ගුරු සිසු පිරිස එම පූජෝත්සවය මෙවර පවත්වනුයේ 53 වන වරටය. විද්‍යාවාස තරුණ බෞද්ධ සංගමය, විද්‍යාවාස දායක සභාව, කුළඟන සමිතිය සීල භාවනා සංවිධානය දහම් පාසල් සංවර්ධන සමිතිය, විද්‍යාවාස සමාජ සේවා සංගමය හා දහම් පාසල් ආදි ශිෂ්‍ය සංගමයේ ද සහායෙන් එම පින්කම සිදු කෙරේ.