ඓතිහාසික අනුරාධපුර මහා විහාරයේ පෝදා පින්කම්
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ දී දුරුතු පුන් පොහෝ දින දාන, සීල, භාවනා වැඩසටහන
අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි බෝමළුව
විහාරවාසී කිරින්දේ ඤාණදර්ශන හිමියන් සංවිධානය කරති.
පෙරවරු 6.00 අටසිල් සමාදන්වීම, 06.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව, මැදමහනුවර
ධම්මසිරි හිමි, 09.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 09.15 ගිහි දේශනය
ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, 10.30 බුද්ධ පූජාව, දවල් 12.00 ජාතක කතා දේශනාව
රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 01.00 ධර්ම දේශනාව දංගස්වැවේ වජිරඤාණ
හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම 02.45 දම්සභා
මණ්ඩපය,සහභාගීත්වය – ලංකාරාමාධිකාරී රැලපනාවේ ධම්මජෝති නාහිමි, වෛද්‍ය භාතිය
සුමිත්‍රාරච්චි මහතා, ශාස්ත්‍රපති සම්පත් බණ්ඩාර මහතා, 04.00 භාවනා වැඩසටහන
මෙහෙයවීම ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති
කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය. |