Print this Article


සංකල්ප විහාරයේ දී පින්කම් මාලාවක්

සංකල්ප විහාරයේ දී පින්කම් මාලාවක්

පිළියන්දල, මාකන්දන, වැලිතොටුවවත්ත, සංකල්ප විහාරස්ථානයට තිස් වසරක් පිරීම නිමිත්තෙන් සහ විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන් ගේ ජනවාරි 09 වන දිනට යෙදෙන ජන්ම දිනයට සමගාමීව ද, ජනවාරි 19 වන දිනට යෙදෙන උන්වහන්සේ ගේ පැවිදි දිවියට පත් වූ දිනය යන කරුණු මූලික කරගෙන ජනවාරි පළමුවන දින සිට උන්වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කර ජනවාරි 30 වෙනිදා දක්වා දින 30 ක් පුරා පින්කම් මාලාවක් පැවැත්වේ.

ජනවාරි 01 වන දින දුරුතු පෝදා සීල භාවනා වැඩසටහන පැවැත්වේ. එම සීල භාවනා වැඩසටහනට කැස්බෑවේ පඤ්ඤානන්ද, තම්ජන්තැන්නේ ධම්මරංසි, තපෝවනේ අරියධජ, මිරිස්වත්තේ ඉන්දසිරි යන හිමිවරුන්ගේ ධර්ම දේශනා ඇතුළත් විය. එදින රාත්‍රී 7.00 නව වසරට ආශිර්වාද පතා පිළියන්දල සරණ හිමියන්ගේ ආශිර්වාද බෝධි පූජාවකි.

ජනවාරි 08 මත්තේගොඩ විවිධ මානසික රෝගීන් සඳහා රාත්‍රී ආහාර පිරිනැමීම ද ජනවාරි 09 ලේ දන්දීමේ මහා පින්කම ද (මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා )

මෙදින රාත්‍රී පහන් 5000 ක විශේෂ පූජාවක්ද, අනතුරුව ආශිර්වාද සත්බුදු වන්දනා පින්කමක් සහ ජනවාරි 10 විශේෂ අටවිසි ගිලන්පස බුද්ධ පූජාවක් ද ජනවාරි 19 අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියස විශේෂ කප්රුක් පූජාවක් සහ ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභියස ආශිර්වාද බෝධි පූජාවක් ද පැවැත්වේ.

එම පින්කම් මාලාව සංකල්ප දායක සභාව, සංකල්ප දහම් පාසල, සංකල්ප යෞවන සමාජය සංකල්ප ක්‍රීඩා සමාජ, ඉ20 සංවිධානය ඇතුළු සංවිධාන ජාලය මගින් සංවිධානය කරයි.