Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව සමඟ මෙවර ගිරිභණ්ඩ පූජාවක් මිහින්තලා පුදබිමේදී

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව සමඟ මෙවර ගිරිභණ්ඩ පූජාවක් මිහින්තලා පුදබිමේදී


වළවාහැංගුණවැවේ
ධම්මරතන හිමි

උඩකැන්දවල
චන්දවිමල නා හිමි

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව සමඟ මෙවර මිහින්තලා මහ සෑ රදුන් වහන්සේ වෙත ගිරිභණ්ඩ පූජාවක් මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ගේ අනුශාසනා පරිදි හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක ඉබ්බාගමුව නැලව පොත්ගුල් විහාරයේ උඩකැන්දවල චන්දවිමල නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දුරුතු පෝදා මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ.

එදින මිහින්තලා පුදබිමේදී සීල සමාදාන පින්කම දවස පුරා පැවැත්වෙන අතර කප්රුක් පූජා පෙරහර පස්වරු 2 ට මිහින්තලේ සාංචි විහාරය අබියසින් ආරම්භ කෙරේ. අනතුරුව ගිරිභණ්ඩ පූජාව සමඟ කප්රුක් පූජාව පැවැත්වේ.

එදින පාසල් දරුවන්ට පාසල් උපකරණ පිරිනැමීමට ද නියමිත අතර කුරුණෑගල අලව්ව සිංහ සමාජය මගින් ඇස් කණ්ණාඩි ද පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි ද උඩකැන්දවල චන්දවිමල නා හිමියෝ පවසති.