Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නො. 330/ඊ නයිවල පාර, උඩුගම්පල පදිංචි ජී.ටී.යූ. පි‍්‍රයන්ත ධර්මසේන (49) මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසීර් මහතා නිර්දේශ කර ඇති බව කියයි. ඔහුට අවශ්‍ය “ඒ පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබා දිය හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් ඒ බව 033 2232351, 077 4190952 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

පන්නිපිටිය, ඇරව්වල 738/1 ඒ ලිපිනයෙහි පදිංචි ඩබ්.ඒ. කරුණානන්ද යන අයගේ දියණිය ඩබ්.ඒ. වාසනා දැනට දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් හැකි ඉක්මනින් ඇයට වකුගඩුවක් බද්ධ කිරීම හා දින හතරකට වරක් ලේ පිරිසුදු කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය ආර්.ඩී. ලැනරෝල් මහතා විසින් නිර්දේශ කර ඇති අතර ඒ සඳහා වකුගඩුවක් සොයා ගැනීමට සහ දානපතියන්ගෙන් යම් ආධාර මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. 0775354583, 0112838911 දුරකථන අංකයෙන් වැඩි විස්තර දැනගත හැකි බවත් මහජන බැංකුව කෝට්ටාව ශාඛාවේ 328200244003139 ගිණුම් අංකයට ආධාර කළ හැකි බවත් කියයි.

****

මිනුවන්ගොඩ, හෙන්ඩිමහර, සුහද මාවතෙහි 19/2 හි පදිංචි හේවාවසම් රණස්ගල්ලගේ දිලාන් සම්පත් කුමාර නමැති තරුණ පුතණුවන්ට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව කියයි. ඔහුගේ වටිනා ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ පොසිටිව් හෝ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් වහාම අවශ්‍යව ඇති බවද කියයි.

ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වෙතොත් 077 178 2256 හෝ 076 382 5205 දුරකථන අංකයට අමතන ලෙසත්, ඒ සඳහා මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට අපේක්ෂා කරන අයෙකුට එම ආධාර මුදල් මිනුවන්ගොඩ මහජන බැංකුවේ එච්.ආර්. දිලාන් සම්පත් කුමාර නමින් ඇති 021 – 2 – 001 – 7 – 4782448 අංකය දරණ ගිණුමට බැර කිරීමට හැකි බවත් කියයි.

****

නො. 340/1, දළුපත, මීගමුව ලිපිනයේ පදිංචි ඩී.එස්. එස්. ප්‍රනාන්දු නමැති අය වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඔහුට හැකි ඉක්මනින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත. එබැවින් එවැනි වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකු වෙතොත් 077 4425 432 හෝ 077 3533467 දුරකථන අංකවලට ඇමතිය හැකි බවද කියයි. ඒ සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඔබගේ මුදල් පරිත්‍යාග කොමර්ෂල් බැංකුවේ මීගමු ශාඛාවේ ආරම්භ කර ඇති 81 300 94 092 ගිණුමට බැර කළ හැකි බවද කියයි.

****

වකුගඩු රෝගයෙන් පෙළෙන ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන අයෙකුට “ඕ පොසිටිව්” වර්ගයේ හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලියෙකු වෙතොත් පහත දුරකථන වෙත දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ. 077 372 1869, 076 3399628

****

මිනුවන්ගොඩ, හොරම්පරල්ල මහගම නො. 356/1 එච්.කේ. ක්‍රිෂාන්ත චන්දන ගුණසේකර වෘත්තියෙන් රජයේ පාසලක විද්‍යා ගුරුවරයෙක් වන අතර වසර පහක සිට non Alcholic cirrhosis  රෝගයෙන් පෙළෙන බව කියයි. මේ වන විට රෝගය බරපතල වී ඇති නිසා රාගම අක්මා බද්ධ කිරීමේ ඒකකයේ වෛද්‍ය කණ්ඩායම ඉක්මනින් අක්මා බද්ධයක් සිදුකළ යුතු බවට නිර්දේශ කර ඇති බව කියයි. ඒ සඳහා ඉන්දියාවේ Chennai Globle Health city රෝහලට යාමට සිදුවී ඇති අතර ඒ සඳහා විශාල මුදලක් වැය වන බව කියයි. එතරම් විශාල මුදලක් සොයා ගැනීමට අසීරු බවද කියයි. වයස අවුරුදු 44 ක් වන ඔහුගේ බිරිඳට රැකියාවක් නැති බව ද පාසල්යන කුඩා දරුවන් සිව් දෙනෙක් සිටින බව ද කියයි.

ඒ අනුව පවුලේ පස් දෙනෙක් ඔහුගෙන් යැපෙන්නන් බව ද කියයි. එම සැත්කම සඳහා වැඩි විස්තර 0775 302304 දුරකථනයෙන් දැන ගත හැකි වන අතර 81649500 ලංකා බැංකුවේ, මිනුවන්ගොඩ ශාඛාවේ ගිණුම් අංකයට පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතයි.

****

නො. 142/5, සෙත්සිරි මාවත, තලාහේන, මාලඹේ යන ලිපිනයේ පදිංචි, වයස අවුරුදු 26 වූ .ජී. ජී. හිරාන් ශාම්නාත් මහතාට “ඕ පොසිටිව් හෝ බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මනින්ම අවශ්‍යව ඇති බව මාලිගාවත්ත ජාතික වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ විශේෂඥ වෛද්‍ය කේ. උමාෂංකර් මහතා විසින් නිර්දේශ කොට ඇතැයි කියති. පරිත්‍යාගශීලීන් වෙතොත් පහත දුරකථන අංකයට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 075 5644813, 072 2700511 දුරකථන අංක වේ.