Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ උඳුවප් පුන් පොහෝදින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම උඳුවප් මස 03 දින පෙරවරු 6.00 සිට පස්වරු. 6.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. උඳුවප් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමියන් විසින් සංවිධානය කරනු ලැබේ. පෝදා පෙරවරු 6.00 සීල සමාදානය 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්මදේශනාව ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ සහ උපදේශන මනෝවිද්‍යා අංශයේ අංශාධිපති සහකාර මහාචාර්ය සරත් චන්ද්‍රසේකර මහතා 10.30 බුද්ධ පූජාව, දවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 1.00 ධර්ම දේශනාව ආචාර්ය කල්ලංචියේ රතනසිරි හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය, දර්ශනපති කිරම විමලතිස්ස හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, ශාස්ත්‍රපති, ඊ.එම්. ධර්මවර්ධන මහතා, 4.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය.


ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ දී උඳුවප් පෝදා දවස පුරා ආගමික වතාවත් සිදු කෙරේ. පෝදා පෙරවරු 6 – 6.30 සීල සමාදානය 6.30 – 7 උදෑසන බුද්ධ පූජාව මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී රන්දිලිගම මහින්ද හිමි 8 – 9 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභයරාජ මහා විහාරාධිපති කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි 9 – 10 දහම් දෙසුම රාජගිරිය සදහම් සෙවන අධිපති ශාස්ත්‍රපති අතුරලියේ රතනහිමි 10 – 11 ධම්මපදයෙන් බිඳක් දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11 – 11.30 දවල් බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී ගොඩපොළ නන්ද හිමි, 12.15 – 2 සීල භාවනා සමිතිය 2 – 3 විශේෂඥ වෛද්‍ය දේශනය වෛද්‍ය පුබුදු දසනායක මහතා 3 – 4 දහම් දෙසුම කන්ද උඩපංගුවේ සෝමරතන හිමි, 4 – 5 ධර්ම සාකච්ඡාව 5 – 6 භාවනාව මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභයරාජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි 6 – 7 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරවාසී කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි 7- 8 දහම් දෙසුම ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි.


කතරගම කිරිවෙහෙර

කතරගම, කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී උඳුවප් පෝදා පින්කම් රැසක් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. එදින උදෑසන අටසිල් සමාදන් කරවීම, මල්පහන්, ගිලන්පස, කිරි ආහාර, පූජාවන් ද ශබ්ද පූජා මධ්‍යයේ ෂඩ් වර්ණසාටකයක් කිරිවෙහෙර චෛත්‍යයේ පැළඳවීමේ ‘කංචුක’ පූජාව පැවැත්වේ. උදේ ධර්මදේශනාව ශාස්ත්‍රපති තාරාපේලියේ අමරවංශ හිමියන් විසිනි. ධර්මදේශනාව විහාරස්ථ ධර්මශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ දී පැවැත්වේ.

පෝදා බත් දන්සල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දානශාලාවේ පැවැත්වෙන අතර විහාරස්ථ ආනන්ද රේවත දහම් පාසල මගින් පවත්වනු ලබන ඔසුපැන් දන්සල ද එම ස්ථානයේ දී පැවැත්වේ. සවස මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට පැමිණ බෝධි පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවා භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසිනි. සවස ධර්මදේශනාව අටවිසි බෝමළුවේ දී පැවැත්වෙන අතර පහන් 5000 ක ආලෝක පූජාව කිරිවෙහෙර තුන්වැනි මළුව සමීපයේ පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධීපති අජිත් කරුණාතිලක මහතා, මහාසේන සිල් සමිතිය හා කතරගම බෞද්ධ සංගමය දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


කළුතර බෝධිය

කළුතර බෝධිභාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් උඳුවප් පෝදා දවස පුරා කළුතර බෝධි පරිශ්‍රයේ දී ආගමික වතාවත් සිදු කෙරේ. පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන්කරවීම, තෙරුවන් වන්දනාව මෙහෙයවීම, පනාපිටියේ විජිතනන්ද හිමි, 7.30 – 9.45 දහම් දෙසුම වතුරුගම නන්දසිරි හිමි 10 – 11.30 ධර්ම සාකච්ඡාව ගාල්ලේ ධර්මකීර්ති ශ්‍රී ශාසනරතන හිමි පස්වරු 1 – 2.25 දහම් දෙසුම ලේනව මංගල හිමි, 3 – 4.30 දහම් දෙසුම කහගොල්ලේ සෝමවංශ හිමි, 4.30 – 6 දහම් දෙසුම ගම්පහ මහානාම හිමි, 6 – 7 බෝධි පූජාව පානදුරේ අරියධම්ම හිමි, (පටිගත කරන ලද්දකි.) 7.15 – 8 නව අරහාදී පහන් පූජාව මෙහෙයවීම ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා 8.15 – 10 දහම් දෙසුම ගල්කිස්සේ සමාහිත හිමි.


බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව හා බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 8.00 – 9.00 අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ ජීවන චාරිකා පදානය අලලා සකස් කරන ලද වීඩියෝපටය, 9.00 – 10.00 විශේෂ ධර්ම දේශනාව, සිරි වජිරාරාම දහම්පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 10.00 – 11.15 භාවනාව සහ අනුශාසනාව, බුද්ධ පූජාව, වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි, මධ්‍යහ්න 12.00 – 1.00 සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිරි වජිරාරාමාධිකාරී හා සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රවේදී කඹුරුගමුවේ මහානාග හිමි, 1.00 – 2.00 ධර්මදේශනාව, ශාස්ත්‍රපති පණ්ඩිත සියඹලාගොඩ සුමනරතන හිමි, 2.00 – 3.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බේවෙල වජිර හිමි, 3.30 – 5.00 ගිහි දේශනය, ආචාර්ය සරත් වීරසේකර මයා, 5.00 – 6.00 ධර්ම දේශනාව මහාචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා මෙම පෝය වැඩසටහන අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ 14 වෙනි ගුණසමරුවට සමගාමීව පැවැත්වේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ලග්ගල අසම හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත ඉල්වානේ ආනන්ද හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ ඕපනායක ධම්මවිරාග හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 3.00 – 4.00 ධර්ම දේශනාව වල්පොල ගෝතම හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 7.00 – 7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, 8.15 – 10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00 – 11.00 ධර්මදේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති උනින්දුවෙල සුමනසාර මාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව, 4.00 – 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති විතාරන්දෙණියේ මේධානන්ද හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති අලුත්වෙල ධම්මසති හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පස්වරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, බියගම ධම්මජීව හිමි, 8.00 – 9.00 භාවනාව, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව, ගෞරව ශාස්ත්‍රවේදී කරගහවිල චන්දානන්ද හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව තලවතුගොඩ විමලධම්ම හිමි, ඔරුවල සුතධීර හිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ ඕමාරේ සුදස්සි හිමි, නාවල උදිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 3.00 – 3.45 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී පස්ගොඩ සුබෝධිරතන හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව, බම්බලපිටිය වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ත්‍රිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 5.00 – 6.00 ධම්ම පදය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත, ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දා, ශීල, භාවනා, ධර්මදේශනා මාලාවක්, ත්‍රිපිටකාචාර්ය ,තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් පැවැත්වේ. එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව, ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනාව, ගැට්ටුවානේ සුමේධ හිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරි මහින්ද නාහිමි, පස්වරු 12.15 – 12.45 සෙත් පිරිත් දේශනාව, ශ්‍රී ජයශේඛරාරාමවාසි ස්වාමීන් වහන්සේලා 1.00 – 2.00 මාසික රැස්වීම, තලල්ලේ සිරි මහින්ද නාහිමි ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.15 ධර්ම දේශනාව කෙසෙල්පොත සුමනවංශ හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව , ත්‍රිපිටකාචාර්ය, වේරදූවේ මහින්ද හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිද නාහිමි, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 හවස ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව, රාත්‍රී 8.00 – 9.00 ධර්ම දේශනය (පටිගත කරන ලද දේශනයකි)


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී උඳුවප් පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම පණ්ඩිත ගැමුණුපුර සෝමවංශ හිමි, 9.30 – 10.30 දහම් දෙසුම ශාස්ත්‍රපති මඩිහේ සුගතසිරි හිමි, 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 – 12.30 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.00 දහම් දෙසුම ත්‍රිපිටකාචාර්ය විනීත හිමි, 3.00 – 5.00 භාවනා වැඩසටහන මෙහෙයවීම පල්ලේගම ධම්ම-ජෝති හිමි, සවස 6.00 ට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදී දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙහි දී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.


හුණුපිටිය විජයසුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි උ ඳුවප් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. එම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , හුණුවල පියදස්සි, තිස්සමහරාම ධම්මසාර, අනුරාධපුරයේ සුමනවංශ යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.


අනුරාධපුර සදහම් සෙවණ පෝදා පින්කම්

අනුරාධපුර සදහම් සෙවණ උඳුවප් පුන් පොහොය වැඩසටහන අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38 හි පිහිටි මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වේ. ඊට ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. එම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


බොරැල්ලේ ගෝතමී විහාරයේ පින්කම්

බොරැල්ලේ ඓතිහාසික ගෝතමී විහාරස්ථානයේ දී උඳුවප් පුර පසළොස්වක පෝදා තෙල්වත්තේ නාගිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි දවස පුරා පින්කම් සිදු කෙරේ.