UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයට වසර 67 ක් සපිරීම නිමිත්තෙන් නව සම්බුදුමැදුරක් සහ විදුහලේ ආදි කර්තෘ වන නීලම්මහර පුරාණ විහාරයේ වැඩ විසූ දෙහිවල ධම්මාලෝක නාහිමියන් අනුස්මරණය කර විශේෂ පින්කම් මාලාවක් ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා කුමාරි ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විදුහලේ චිත්‍ර කලා ආචාර්ය ලලිත් ගුණතිලක මහතාගේ නිර්මාණයක් වූ නව බුදු මැදුර විදුහලේ ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. එහි බරපැන සපයන ලද්දේ මහරගම උපුල් නල්ලපෙරුම මහතා විසිනි. පාසලේ නිර්මාතෘ දෙහිවල ධම්මාලෝක හිමියන්ගේ නමින් ඉදිකළ නව පුස්තකාලය සිසුජන ගතකළ අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් හා සංඝගත දක්ෂිණාවක් ද එහිදී පිරිනැමිණ. මහරගම විශේෂ - වේහැල්ලේ පියතිලක

අම්පාර සිව්මුණි සෑ වෙහෙර විහාරස්ථානයේ දී ඉකුත් 31 වෙනි දින කුල දරුවෙකු සසුන් ගත කරන ලදී. නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝ නායක තලාගංගොඩ ධම්මරතන නා හිමි, ශාස්ත්‍රපති රිදියගම ඤාණතිලක නා හිමි, අම්පාර සිව්මුණි සෑ වෙහෙර විහාරාධිපති ඇත්පිටියේ චන්දානන්ද නා හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් අයි.ජී. චමින්ද කුමාර හා පී.ජී.ඩබ්ලිව්. ශිරෝමි ලක්මාලි යන දෙපළගේ එකම පුතනුවන් වන අයි.ජී. චමුතිත ලක්ෂාන් කුමරුවා හොරේවෙල චමෝදානන්ද හිමි නමින් පැවිදි බිමට පත්විය.

 

උඳුවප් පුර අටවක පෝය


උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් 26 වන දා ඉරිදා පූර්ව භාග 09.51 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 03 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]