Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වැලිගම වැලිපිටිය බොරලෑලිය මැදිරිහේන නාකන්ද ගෙදර යූ.ජී.ජී. සංජීවනී පාසල් අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනෙකුගේ මවක් බවත්, ඇයගේ සැමියාට ස්ථිර රැකියාවක් නොමැති බවත් කියයි. ඇය දැනට වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඒ සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය නාලක හේරත් මහතා නිර්දේශ කර ඇති බවද කියයි. ඒ සඳහා පරිත්‍යාගශීලීහු වෙත්නම් 078 432 9789 දුරකථනයට දන්වන්නැයි ද 275200243520997 වැලිගම, මහජන බැංකුවේ ගිණුමට ආධාර කළ හැකි බව ද කියයි.

 

 


 


නෑබඩ කජුගස්වත්ත පදිංචි ජනිත මල්වත්ත මහතාගේ දයාබර දියණිය වන සඳූපමා රිවිදිනි මල්වත්ත අවුරුදු 9 ක් වයසැති දියණිය වකුගඩු රෝගයෙන් පෙළෙන අතර දැනට බොරැල්ල රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව එම දියණියගේ පියා සඳහන් කරයි.

එම දියණිය සුවපත් කිරීමට වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇතැයි වෛද්‍ය නිර්දේශය වී ඇති බව ද කියන අතර වකුගඩු සැත්කම සඳහා මුදලින් ආධාර ද අපේක්ෂා කෙරේ. “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 0725288081 දුරකථන අංකයෙන් පියාගෙන් විමසන ලෙස ඉල්ලීමක් කෙරේ. ලංකා බැංකුව මතුගම ශාඛාව ගිණුම් අංක 73597530 ආර්.එස්. විජේසිරි නමින් ඇති ගිණුමට ආධාර කළ හැකි බව ද කියයි.