Print this Article


පිහිට පතයි

පිහිට පතයි

හුරිගස්වැව අම්බලන්ගල කලාඔය අසල පදිංචි ඩී.එම්. වසන්ත කුමාර සහ ඊ.පී.ඩී. තිළිණි මහත්මියගේ දරුවන් දෙපළ වන ඩී.එම්.තත්සර කේෂාන් කුමාර පුතණුවන් (වයස අවුරුදු හත හමාරකි) සහ ඩී.එම්. සිත්මි රංජනා (මාස 10) දෘෂ්‍යාබාධිතව පසුවන බව කියයි. පියාට හෝ මවට ස්ථිර රැකියාවක් ද නොමැති අතර සුළු රැකියාවකින් දිවි ගෙවන බව කියයි. දරු දෙදෙනාගේ දෘෂ්‍යාබාධිත තත්වය නිසාත් ජීවත්වීමට ස්ථිර ආදායම් මාර්ගයක්, නොමැති නිසාත් පරිත්‍යාගශීලින්ගේ සහාය අපේක්ෂා කරයි. තඹුත්තේගම මහජන බැංකු ශාඛාවේ 219200198510778 ඩී.එම්.වසන්ත කුමාරගේ නමින් ඇති ගිණුමට ආධාර කළ හැකි බව කියන අතර 0773519324 දුරකතනයෙන් වැඩි විස්තර දැනගත හැකි බව කියයි.


 

අක්මාවක් බද්ධ කිරීමට ආධාර පතයි

වරකාපොල උඩුවක පදිංචි රියදුරු රැකියාවක් කරන දෙදරු පියෙක් වන බී චන්දන කුමාරට ඉතා ඉක්මනින් අක්මාවක් බද්ධ කිරීමට අවශ්‍ය බව රාගම, උතුරු කොළඹ අක්මා බද්ධ ඒකකයේ වෛද්‍යවරු තීරණය කර ඇති බව කියයි. එසේම එය සිදු කිරීමට රු.ලක්ෂ 20 කට අධික මුදලක් වැය වන බව ද පවසයි. එහෙත් රියදුරු රැකියාවක් කරන ඔහුට එම මුදල සොයා ගැනීම ඉතා දුෂ්කර බැවින් ඒ සඳහා ආධාර කිරීමට කැමති පින්වතුන් වේ නම්, ඔහුගේ බිරිඳගේ ගිණුම වන, වරකාපොල මහජන බැංකුවේ කේ.එම්.එස්. ජයතිලක කුරුප්පු නමින් 270-2-001-5-0025484 දරණ ගිණුමට බැර කරන ලෙස ඉල්ලීමක් කෙරේ.

දුරකතන අංක – 0774459488,0772603483 වේ.