Print this Article


ගලපිටියාගම විමලධම්ම නා හිමියන්ගේ ජන්ම සමරුවට පින්කම්

ගලපිටියාගම විමලධම්ම නා හිමියන්ගේ ජන්ම සමරුවට පින්කම්

නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත පිරිවෙන් කෘත්‍යාධිකාරි හා තත් විහාරාධිපති විශ්‍රාමික විදුහල්පති සිරිසුගතසිරි පාලිත වංශාලංකාර සද්ධම්ම කිත්තිසිරි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී ගලපිටියාගම විමලධම්මාභිධාන අනුනා හිමිපාණන් වහන්සේගේ අසූ එක් වෙනි ජන්ම දිනය මෙම 11 වන දිනට යෙදී ඇත.

ඒ නිමිත්තෙන් මෙම මස 11 වන දින සවස බුදුමුත්තාව විශ්වකීර්ති පිරිවෙන්හි ආචාර්ය තඹුරුගමුවේ පදුමජෝති හිමියන්ගේ මෙහෙයවීමෙන් ගිලන්පස බුද්ධ පූජාව සහිත බෝධි පූජාවක් පවත්වා ආශිර්වාද සිදු කෙරෙන අතර ගලපිටියාගම විමලධම්මාභිධාන නා හිමියන් වහන්සේ විසින් එදින රාත්‍රී 8.00 ට විශේෂ ධර්මානුශාසනාවක් පවත්වනු ලබයි. 12 දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක නාපාන පේමසිරි මහා නා හිමියන් වහන්සේ ප්‍රධාන සම්භාවනීය මහා සංඝරත්නය 81 නමක් විෂයෙහි මහා සාංඝික දානමය පින්කමක් පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කෙරේ. අනතුරුව පස්වරු 1.30 ට සුභාසිංශන පිරිනැමීමේ උත්සව සභාව පැවැත්වේ.

එම පින්කම් මාලාව සමදරාපිටිය ශ්‍රී පාලිත මූලික පිරිවෙන් පරිවේණාධිපති ශාස්ත්‍රවේදී බෝලියද්දේ විමලවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි සියලු දායක පින්වතුන්ගේ සහභාගිත්වයෙන් ඇඹලගොඩයාගම සමගි මරණාධාර හා සුබ සාධක සමිතියේ හා ගලපිටියාගම සිංහ සුබ සාධක සමිතියේ මෙහෙයවීමෙන් සිදුකෙරේ.