Print this Article


කොටුගොඩ මහා නාහිමියන්ට උපහාර දැක්වීමක් 12 වනදා

කොටුගොඩ මහා නාහිමියන්ට උපහාර දැක්වීමක් 12 වනදා

අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් වෙත උපහාර දැක්වීමේ උත්සවයක් මෙම මස 12 වනදා කොටුගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේදී පැවැත්වේ.

එදින පස්වරු 2.30 ට පිළිගැනීමේ රථ, පෙරහර ජා -ඇල දුම්රිය හරස් පාර අසලින් ආරම්භ කෙරෙන අතර කොටුගොඩ දක්වා පැමිණ කොටුගොඩ දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් , ප්‍රභූන් හා ගම්වාසීන් විසින් පිළිගෙන පෙරහරින් කොටුගොඩ ශ්‍රී සුදර්ශනාරාමය දක්වා වැඩමකරවීමට නියමිත ය.

අනතුරුව උත්සව සභාව පැවැත්වේ.