Print this Article


බුදු දහමෙන් පෙන්වා දෙන සාමයේ පණිවුඩයලෝකයට ද ලබා දෙනවා - අගමැති රනිල් වික්‍රමසිංහ

බුදු දහමෙන් පෙන්වා දෙන සාමයේ පණිවුඩය

ලෝකයට ද ලබා දෙනවා - අගමැති රනිල් වික්‍රමසිංහ

මෙම සමුළුවට සහභාගි වීමට ලැබීම ඉතාම ගෞරවයක් ලෙස මා සලකනවා.බුදුදහම සමාජයට විශාල පණිවුඩයක් ලබාදෙනවා. අප ජයගත යුතු අන්දම පෙන්වනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.

අශෝක අධිරාජයා බුදුදහමෙන් අපට විශාල පණිවුඩයක් ලබා දුන්නා. එම පණිවුඩය මිහිඳු මහ රහතන් වහන්සේ අප වෙත රැගෙන ආවා. එසේ රැගෙන ආ බුදු දහම අද ලෝකය තුළද ඉතා ප්‍රචලිත වී තිබෙනවා. ශ්‍රී ලංකාව ථේරවාදී බුදු දහමට විශිෂ්ට ස්ථානයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. අශෝක අධිරාජ්‍යයා ලෝකයේ රටවල් ගණනාවකට බුදු දහමේ පණිවුඩය ලබාදීමෙන් දකුණු ආසියාව ඇතුළු රටවල් ගණනාවක එය ප්‍රචලිත වුණා.

ශ්‍රී ලංකාවට හැකි වෙලා තිබෙනවා. බෞද්ධ ධර්මය, සංඝයා වහන්සේලා ආරක්ෂා කර ගැනීමට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද බුදුදහමට නිසි තැන ලබාදී තිබෙනවා. ඒ වගේම අප අනෙකුත් ආගම්වලටද සාධාරණය ඉෂ්ට කරනවා. සියලු දෙනාට අප සැලකිය යුතුයි.

බුදුදහමේ පණිවුඩය වන්නේ අනෙකුත් ආගම් සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමයි. බුදුන් වහන්සේගේ ධර්මය අනුව ජීවත්වීම වැදගත්.බුදුදහමේ පණිවුඩය අප අබෝධකරගත යුතුයි. අපි සියලු දෙනා සාමයෙන් ජීවත්වීම ඉතා වැදගත් එය බුදුරජාණන් වහන්සේගේද පණිවුඩයයි. බුදුදහමෙන් පෙන්වා දෙන සාමයේ පණිවුඩය ලෝකයටද ලබා දෙමු.

බුදුදහමේ අගය බොහෝ රටවල් තේරුම් ගනිමින් තිබෙනවා. ඉදිරියේදීත් බෞද්ධ ආගමට ලෝකයේ විශාල ස්ථානයක් හිමිවෙනවා යැයිද අගමැතිතුමා කීය.