Print this Article


සිල් රැකිය යුතු දරුවන් පමණද?

සිල් රැකිය යුතු දරුවන් පමණද?

"අතීත ගැමි ගෙදර පන්සලක් මෙන් පිරිසුදුව පැවැති බව අමතක නොකළ යුතු කාරණාවක්. පොල්අත්තක රටා මවමින් පිළිවෙළකට අතුගා තිබුණ මිදුලෙහි සේපාලිකා මල් සුවඳ දසත පැතීරී ගියා. සේපාලිකා මල් සුවඳ හමමින් සිරියාවකට පැවැති එදා ගැමි ගෙදර ඒ පරිසරයට කෙතරම් සොඳුරු බවක් එක් කළාද? හැකි තරම් ගෙදරට ප්ලාස්ටික් භාණ්ඩ පුරවාගත් තරමට ගෙදර ලස්සන වෙන බව ඇතැමුන් සිතා සිටී. එය වර්තමාන ස්වභාවයයි."

හැම දරුවෙක් ම වටිනා දරුවෙක් වෙයි. හැම දරුවෙක් ම තමාට ලැබුණ මහා සම්පතක්. දරුවා පිළිබඳව එම විශ්වාසය සැම දෙමව්පියෙකු සතු විය යුතු ය. නිවැරැදි කාරණාවන් නිවැරැදිව මනසට ඇතුළු කර නොගැනීම අපගේ සමාජය අසංවර්ධිත වීමට හේතුවක් වෙයි. සංවර්ධිත රටක් විමට නම්, මිනිසුන්ගේ ආත්ම ගොඩනැඟී තිබිය යුතු ය.

තට්ටු ගණනින් යෝධ ගොඩනැඟිලි ඉහළ ගිය පමණින් සංවර්ධනය වූ බවට සිතීම අපහසු කාරණාවක්. මිනිසුන්ගේ මනස යහපත්ව ගොඩනැඟී තිබිය යුතු ය. එකිනෙකාට ගරුකිරීම, ශ්‍රද්ධාවන්තවීම අංක එක නම්, දෙමව්පියන් ඉතාම සිල්වන්ත වීම අංක දෙක විය යුතු ය. එබඳු පරිසරයක වැඩෙන දරුවන් සිල්වන්ත කිරීම පහසු වෙයි. ගිහියෙකු විසින් ආගමික වශයෙන් ආරක්ෂා කරනු ලබන සිල් පද පහට අමතරව ගෘහයට අදාළ වන සිල්පද ද වෙනම ආරක්ෂා කළ යුතුය.

ආහාර ගන්නා නොගන්නා ස්ථානය කුමක්ද? ඇඳුම්, පැළඳුම් තැබිය යුතු ස්ථානය සහ නොතැබිය යුතු ස්ථානය කුමක්ද ? පාවහන් මෙන්ම කිලිටි ඇඳුම් ගලවා දැමිය යුතු සහ නොදැමිය යුතු ස්ථානය කුමක්ද ? ගෙයක් ඇතුළත කළ යුතු සහ නොකළ යුතු චාරිත්‍ර වාරිත්‍ර යන හැම ශීීලයක්ම ගෙදර සියලු දෙනා ආරක්ෂා කරන සිල් විය යුතුයි.නිවස තුළ සිටින සාමාජිකයන් සියලුදෙනාම පොදු නියමයන්ට එකඟ විය යුතු ය.

ගෙදරක සාලයේ සිට හිස පීරීම නොකිරීම ගෙදර සිටින සියලු දෙනා ආරක්ෂා කළ යුතු සීලයක් වෙයි. සාලය තුළ කොණ්ඩය පීරීම නොකළ යුතු බවට දරුවන්ට අවවාද ලබාදෙන අම්මා එම සාලය තුළ සිට කොණ්ඩය පීරනවා නම්, එම අවවාදයෙහි ඇති ඵලය කුමක්ද? හිස පීරීමට වෙනම ස්ථානයක් තිබිය යුතුය. කිලිටි ඇඳුම් තැන තැන නොදැමිය යුතු ය. ඒ සඳහා ශිලයක් පවතී. බෞද්ධයෙකු වශයෙන් පන්සිල් ආරක්ෂා කළ යුතු සේම ගෙදර සියලු දෙනා රැකිය යුතු ශීලය ද අනිවාර්ය වෙයි.

අතීත ගැමි ගෙදර පන්සලක් මෙන් පිරිසුදුව පැවැති බව අමතක නොකළ යුතු කාරණාවක්. පොල්අත්තක රටා මවමින් පිළිවෙළකට අතුගා තිබුණ මිදුලෙහි සේපාලිකා මල් සුවඳ දසත පැතීරී ගියා. සේපාලිකා මල් සුවඳ හමමින් සිරියාවකට පැවැති එදා ගැමි ගෙදර ඒ පරිසරයට කෙතරම් සොඳුරු බවක් එක්කළාද? හැකි තරම් ගෙදරට ප්ලාස්ටික් භාණ්ඩ පුරවාගත් තරමට ගෙදර ලස්සන වෙන බව ඇතැමුන් සිතා සිටී. එය වර්තමාන ස්වභාවයයි. අසීමිතව බඩු පුරවාගත් පසු ඇති සැනසිල්ල නැතිව යනවා සේම ගෙදරක තිබෙන ලස්සන ද නැතිව යයි. අවසානයේ ගෙදර පැවතුණ පිරිසුදු කමද නැතිව යයි. ගෙදර සාමාජිකයන් විසින් කළ යුතු නොකළ යුතු දේ පිළිබඳ ලයිස්තුවක් තිබිය යුතු ය. ගෙදරක අම්මා, තාත්තා ප්‍රඥාගෝචර සම්පන්න නොවී,එක සමාන ශීීලයක පිහිටීමකින් තොරව , දරුවන්ට පමණක් සමාදන් කරවීම පහසු කාර්යයක් නොවන බව අවබෝධ කරගත යුතු කාරණාවයි.

බොරු කිව්වොත් දරුවාට දඬුවම් ලබාදෙන බවට ප්‍රකාශ කරන අම්මා දරුවා ඉදිරිපිටම බොරු ප්‍රකාශ කරයි. අම්මා දරුවාට ලබාදෙන අවවාදයෙහි අර්ථය කුමක්ද ? නිවස තුළ රැකිය යුතු ප්‍රතිපත්ති නිතරම කඩා දැමීම අපගේ පිරිහීමට හේතුවක් .කුඩා ලාභයක් වෙනුවෙන් තමාගේ ප්‍රතිපත්ති කඩා බිඳ දමනවා නම්, පවුලක් වශයෙන් ඉහළට ගමන් කරන්නේ කෙසේද? ගෙදර සිටින සියලු දෙනා ම රැකිය යුතුª සිල්පද ය ගෙදර සිටින සියලු දෙනාම දිවිහිමියෙන් රැකිය යුතු ය. එක් අයෙක් පමණක් සිල් ආරක්ෂා කළාට ඇති පළක් නැත. සමාදන් විය යුතු ශීිලය සියලු දෙනා සමාදන් විය යුතු ය. වැළකිය යුතු දෙය වැළකිය යුතුය. එතැනට ඔබගේ සිත අපහසුවෙන් හෝ පුහුණු කිරීම අවශ්‍ය වෙයි. සිල්පද ආරක්ෂා කිරීම එතරම් පහසු කාර්යයක් නොවන නිසාම එය උත්සාහයෙන් කළ යුතුය.සිල්වත් වීමට නම්, අපගේ අයහපත් මනෝභාවයන් අතහැර දැමිය යුතු ය. අතහැරීමට සූදානම් තරමට යහපත් ආචාර ධර්මයන්හි ජීවත් විය හැකියි. අතහැරීමට සුදානම් නැති කිසිවෙකුට,ආචාර ධර්ම සමඟ එකතුවීමට අවශ්‍ය ශක්තිය නිර්මාණය වන්නේ නැත.බෞද්ධයන් වන ඔබ ඉතාම බුද්ධිමත්ව, ඉතාම ඥානවන්තව එවැනි පරිසරයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කළ යුතු ය. අප යමක් නොකළ යුත්තේ නොකළ යුතු නිසා මිස කාටවත් බියට නොවන බව පළමුවෙන්ම අවබෝධ කරගත යුතු ය. අප යමක් කළ යුත්තේ කළ යුතු නිසා මිස කාගෙන් හෝ ප්‍රශංසා ලැබීමට නොවන බව අවබෝධ කරගත යුතු ය. විශේෂයෙන්ම පවුල ඇතුළත හොර වැඩ වලට, අසත්‍ය ප්‍රකාශවලට කිසිදු අවකාශයක් නොතැබිය යුතු ය. පන්සිල් පද පහ අපගේ ජීවිතය ආලෝකමත් කරයි. අපගේ ජීවිතය ආලෝකමත් කි්රීමට දමන ලද සිල්පද මිස ජීවිතයට කරදරයක් වදයක් වීමට හිරගෙදරක් වීමට පනවා ඇති සිල්පද නොවන බව සිහිපත් කිරීම අවශ්‍ය වෙයි.

දිළිදුකම හා සුරාව අතර පවතින විශාල සම්බන්ධය දෙස අවධානය යොමු කිරීම වැදගත් වෙයි. දිනකට සිගරැට් 4ක් පාවිච්චි කරන පුද්ගලයන් සිය දෙනෙකු කිසියම් ප්‍රදේශයක ජීවත්වනවා යැයි උපකල්පනය කළ හොත්, දුම්කොළ සමාගම එම ප්‍රදේශයෙන් මාසිකව කෙතරම් ආදායමක් ලබයිද? දුම්කොළ සමාගම එම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික දියුණුව යහපත වෙනුවෙන් කර ඇති සේවය කුමක්ද? සිගරැට් පරිහරණය කරන පුද්ගලයන් රෝගීන් වූවිට පෙරළා ඔවුන් සුවපත් කිරීම සඳහා රජය කෙතරම් මුදලක් වියදම් කළ යුතු ද? ලෝකය තුළ බෝ්නොවන රෝගවලින් 90% ක්ම මද්‍යසාර සමාගම් විසින් ඇති කරනු ලබන බව කියයි. ගෙදර සිල් ආරක්ෂා කරනවා යනු එම ගෙදර පොහොසත් වීමයි. මත්වතුරට, මත්ද්‍රව්‍යයට පෙළඹුණ අන්‍ය ප්‍රජාව සියයට දශම ගණනක් වඩා අඩු ප්‍රමාණයක්. ඒ පිරිසගේ ආර්ථික දියුණුවට හේතුව සොයන්නේ නැතිව අප දුප්පත් බවත්, ඔවුන් පොහොසත් බවත් ප්‍රකාශ කරයි. එසේ සිටියද, එම ප්‍රමාණය මුළු ජාතියටම සියයට දශම ගණනක් පමණයි. එම නිසාම ඔවුන් තුළ ධනය රැස් වෙයි. කුඩා ළමයෙක් පොඩි දෙයක් හෝ අලෙවි කරමින් නිෂ්පාදනයට දායක වීම ඔවුන්ගේ සි්රිතයි. අනෙකාගේ දියුණුවට ඊ්ර්ෂ්‍යා කළාට ඉහළට ගමන් කළ නොහැකියි. අප ඉහළට යාමට නම්, සිල්වත් විය යුතුය. ඒ සඳහා තමන් කැප විය යුතුය. කැප නොවී අපගේ ආර්ථිකය විනාශ විම නැවැත්විය නොහැකියි.