Print this Article


ගුණ ජය සතුට පදනමෙන් පින්කමක්

ගුණ ජය සතුට පදනමෙන් පින්කමක්

ගුණ ජය සතුට පදනම සහ මලලසේකර පදනමේ දායකත්වයෙන් බුද්ධප්‍රතිමා වහන්සේ සියයක් කෑගල්ල නෙළුන්දෙනිය මොරවක ප්‍රදේශයේ බෞද්ධ සැදැහැතියන් සිය දෙනෙකුට පරිත්‍යාග කිරීමේ පින්කමක් ඉල් පෝදින (03) උදෑසන 10 ට නෙළුන්දෙනිය මොරවක ශ්‍රී සුදර්ශනාරාමයේදී පැවත්වේ.

විහාරාධිපති පණ්ඩිත හත්ගම්පල ඤාණරතන හිමි සහ විහාරාධිකාරි හසලක ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන පින්කම සංවිධානය කරන්නේ නෙළුම්දෙනිය මොරවක ශක්ති ක්‍රීඩා හා යෞවන සමිතියයි.

ගුණ ජය සතුට පදනමේ සභාපති කුෂිල් ගුණසේකර, මලලසේකර පදනමේ සභාපති අශාන් මලලසේකර මහත්වරුන්ගේ දායකත්වයෙන් බුද්ධ ප්‍රතිමා පූජා කිරීමේ පින්කම් සෑම පෝ දිනකම පැවැත්වේ.