Print this Article


කොලොන්ගස්යාය අශෝකාරාම පුරාණ විහාරයේ සෑරදුන් ඉදිකෙරේ

කොලොන්ගස්යාය අශෝකාරාම පුරාණ විහාරයේ සෑරදුන් ඉදිකෙරේ

මෙගොඩවැව ගල්කැටියාව කොලොන්ගස්යාය ශ්‍රී අශෝකාරාම පුරාණ විහාරයේ අභිනව සෑ රදුන් ඉදි කර ගෙන යනු ලැබේ.

කැකිරාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් එම පුරාණ විහාරස්ථානයේ කෝන්වැවේ චන්දානන්ද හිමියන් විසින් විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ප්‍රදේශයේ විවිධ ස්වේච්ඡා සංවිධාන පිහිටුවා ප්‍රදේශය දියුණු කිරීමටද විහාරස්ථ විහාරාංග ඉදිකරවීමට මහත් වෙහෙසක් දරා කටයුතු කරන බවද සඳහන් කරයි. ගිහි පැවිදි සබඳතාවය වර්ධනය කරමින් දානපති පරිත්‍යාගශීලින්ගේ ආධාරයෙන් එම අභිනව චෛත්‍යය රාජයාණන් වහන්සේ ඉදිකරවා ගෙන යන බවද උන්වහන්සේ පවසයි.