Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව ඉල් පෝදා මිහින්තලා පුදබිමේදී

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව ඉල් පෝදා මිහින්තලා පුදබිමේදී


කිංස්ලි කබ්රාල්

මෙවර දායකත්වය ලංකා බැංකුවේ විශ්‍රාමික කළමනාකාර කිරිබත්ගොඩ පද්මලතා කබ්රාල්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම මෙම ඉල්පුර පසළොස්වක පෝදා මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මිහින්තලා පුදබිමේදී පැවැත්වේ.

කිරිබත්ගොඩ පදිංචි ලංකා බැංකුවේ විශ්‍රාමික කළමනාකාරිනි පද්මලතා කබ්රාල් මහත්මියගේ ප්‍රධාන දායකත්වයෙන් මෙවර එම පින්කම සිදුකෙරෙන අතර කිරිබත්ගොඩ මල්වාන, වල්ගම හොරණ පදිංචි එම මහත්මියගේ ඤාතීන්ද සහභාගි වේ.

ඒ මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වන මෙයට මාස නවයකට පෙර පරලොව සැපත් කිංස්ලි කබ්රාල් මහතාටත්, මාස හයකට පමණ පෙර පරලොව සැපත් එම්.කේ. ජයතිස්ස මහතාටත් කිංස්ලි කබ්රාල් මහතාගේ මවුපිය දෙපළ වන පරලොව සැපත් එල්.එච්.ඩබ්ලිව්. කබ්රාල් මහතා සහ පරලොව සැපත් ලිලී අමරකෝන් මහත්මියටත්, එම්.කේ. තේමිස් සිංඤොී සහ ආර්.පී. ධර්මවතී මවුපිය දෙපළට පින් පැමිණවීමත් සහභාගි වන සැමට සෙත් පැතීමත් එහිදී සිදු කෙරේ.