Print this Article


ශ්‍රී දළදා මාළිගාවේ කාර්තික මංගල්‍යය ඉල් පෝදා

ශ්‍රී දළදා මාළිගාවේ කාර්තික මංගල්‍යය ඉල් පෝදා

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කාර්තික මංගල්‍යය ඉල් පුර පසළොස්වක පෝය දින චාරිත්‍රානු කූලව පැවැත්වේ.

කාර්තික මංගල්‍යය නිමිත්තෙන් ශ්‍රීදළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අණ පරිදි ශ්‍රී දළදා මාළිගාවේ කාරිය කරවන කෝරාල කේ.එම්.සී. කරුණාතිලක මහතා නිකුත්කර ඇති දැන්වීමෙන් මෙසේ දක්වා ඇත.

නොවැම්බර් තුන්වෙනි දින අපරභාග 06.08 ට නැගෙනහිර දිශාභිමුඛව ශ්‍රී දළදා මාළිගාව ප්‍රමුඛ කොට ඇති විහාර දේවාලයන්හි එකී වේලාවට පහන් පූජාව පැවැත්වීම ශුභය. එදින පස්වරු 05.04 ට නැගෙනහිර බලා ශී‍්‍ර දළදා මාළිගාවේ කාර්තික පෙරහර මංගල්‍යය පැවැත්වීම ශුභය. ප්‍රදීප පූජාව සඳහා විහාර දේවාලවලට තෙල් බෙදාදීම නොවැම්බර් මස පළමුවෙනි දින පස්වරු 2.30 ට නාථදේවාල භූමියේදී සිදුකරනු ලැබේ.