Print this Article


හැඩිගල්ල විපුලසිරි නා හිමි කනිටු විදුහලේ ගොඩනැගිල්ල විවෘත කිරීම 29දා

හැඩිගල්ල විපුලසිරි නා හිමි කනිටු විදුහලේ ගොඩනැගිල්ල විවෘත කිරීම 29දා

බප/මතු/ හැඩිගල්ල විපුලසිරි නා හිමි, කනිටු විදුහලෙහි ජාතික ඉතිරි කිරීමේ මහ බැංකුවේ බෞද්ධ මහ සංගමය මඟින් කළුතර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කොට ඉදිකරනු ලැබූ ගොඩනැගිල්ල මෙම මස 29 වෙනි ඉරිදා පස්වරුවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ ධම්මික පෙරේරා මහතා ඇතුළු ප්‍රධාන කාර්ය මණ්ඩලය ද පළාත් සභා මැති ඇමැතිවරුන් සහිත ප්‍රභූ පිරිසක් මධ්‍යයේ විවෘත කරනු ලැබේ.

එදින උත්සව සභාවේ මුලසුන කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නා හිමියන් ප්‍රධාන මහා සංඝ රත්නය හා මැති ඇමැතිවරු ප්‍රධාන ප්‍රභූ පිරිසක් ද ඊට සහභාගිවීමට නියමිත ය.