Print this Article


ශ්‍රීමත් සිරිල් ද සොයිසා 121 වන ජන්ම සමරුවට පින්කම්

ශ්‍රීමත් සිරිල් ද සොයිසා 121 වන ජන්ම සමරුවට පින්කම්

කළුතර බෝධිභාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ 121 වෙනි ජන්ම දින සමරු පින්කම ඔක්තෝබර් මස 26 වෙනිදිනට යෙදි තිබිණි. ඒ නිමිත්තෙන් 26 වෙනි දින පෙරවරු 6.00 ට කිරිපිඩු පූජාව ( බෝධි පරිශ්‍රයේදී) පනාපිටියේ විජිතනන්ද හිමියන් විසින්ද පෙරවරු 9.00 ට බෝධි පරිශ්‍රයේ පිහිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද

පෙරවරු 8.00 ට බලපිටියේ සමරු සිහිවටනය අසල පින් පැමිණවීමේ උත්සවය අවසානයෙන් බලපිටියේ නගර මධ්‍යයේ ස්ථාපිත කොට ඇති ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීමද පෙරවරු 11.00 ට මහා සංඝරත්නය හැත්තෑපස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාව පිරිනැමීමද යෙදීතිබිණි.