Print this Article


පහන් සිතක කවි

 

ඉකිබිඳ දුක සේ

රාහුල පුතා පාසල් යන වය සේ
පසුවන කෙනෙකි අම්මා සමඟින් සුව සේ
සත් හැවිරිදි පුතා පැවිදි වූ මුල් දව සේ

ගෙන් ගෙට පිඬු සිඟා ගොස් හැම දවසේ ම
දුන් දේ ලැබුණ දේ ගෙන ගොස් වැළදී ම
දවසේ වැඩි කලක් අහරක් නො ගැනී ම
පොඩි ළමයකුගෙ දුක නැති කර ලයි කෝ ම


මගේ පැතුම


කඨිනානිශංස

සිතූ පැතූ සියල් සැප සම්පත දෙන පතන
පිරුවට පාරමී දම් මතු ඵල දරණ
අටමහ කුසල තෙද බල පින්කම කඨින
පින් මහිමයෙන් මතු හැක දැකුමට නිවන

වසරට වරක් හමුවන පින නො වන නිම
වස් පින්කමෙහි තෙද බල දැන සිටිති සැම
උ පැවිදි පැවිදි සැම ලැබ මතු නිවන අම
සැනසෙමු සදා දැක නිම කළ සසර ඉම


බුදුසරණ

පත්තර මහ ගෙදරින් පිටවන බුදුසරණ යි
මහ සඟ රුවනගෙ ඔවදන් දෙන බුදුසරණ යි
බොදු තොරතුරු දැන ගන්නට ඇති බුදුසරණ යි
ලක් මාතාවට බුදු සරණින් බුදුසරණ යි

වසන්තයට මල් ගොමු වාසනාවන්
නෙළුම් විලට තිසරුන් වාසනාවන්
සුපුන් සඳට තරු කැළ වාසනාවන්
පත්‍රය ‘බුදුසරණ’ මට වාසනාවන්


බුදු අසිරිය

බුදුන් වඩින මඟ පියුම් පිපීලා
ඒ බුදු සිරිපා පිළි ගන්නේ
ඒ මඟ වලවල් වැසිලා යන්නේ
පස් ගොඩවල් සමතල වන්නේ
කරන කෙනෙක් නැත
මේ පෙළහරවල්
බුදු පින් මහිමෙන් සිදුවන්නේ
දකිනු මැනවි
නැණැසින් හා දහමින්
මෙදසුන් ලොව්තුරු සුව දෙන්නේ


පන්සල වෙත යන්නේ

බෝසත් ගුණ සිත මතු කරගන්න යි
දුක පහකොට සැනසෙන මඟ දැක ගන්න යි
පොහොයදාට පන්සල වෙත
තෙල් මල් අරගෙන අප යන්නේ


පිය සෙනෙහස

නොබැලූ රෑ දිවා අව් වැසි පිණි සීත
පිය සෙනෙහසට මදි ලියවුණු කවි ගීත
හිටියත් සුවෙන් සැතපී ලෝකෙක ඈත
නමඳිමු පා පියුම් එක් කරමින් දෑත

නො ලැබූ මුදු නෙතට සුපුරුදු සුව නින්ද
මහමෙර සමාන ලු ඉසිලූ ගිනි කන්ද
ලියලා සුව හසක් කව් ගී මන බැන්ඳ
පිය ගුණ සමුදාය නිමවනු පුළු වන්ද?

පෙර එක් භවයකදී වෙසතුරු රජු වීලා
දන් දී රන් රුවන් සිව් දොර හැර දාලා
බෝසත් චරිත වන් පියවරු බුදු වීලා
සැනසුම ලබත්වා තිලොවක් සන සාලා


රැස් කිරීම

තරාදි හොරු
උපය ගන්නෙ
එක තැටියක
හොර මුදලක්
අනිත් තැටියෙ