Print this Article


බෞද්ධ ධර්මාචාර්ය විභාගය – 2017 ආදර්ශ ප්‍රශ්න පත්‍ර

බෞද්ධ ධර්මාචාර්ය විභාගය – 2017 ආදර්ශ ප්‍රශ්න පත්‍ර

අභ්‍යාස අංක - 2

බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය

1) ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලියන්න

1. බහුශ්‍රැති හා පඤ්ඤතිවාද යන නිකාය දෙක බිඳී ගියේ කවර නම් නිකායෙන් ද?

2. මෙම නිකාය දෙක ආරම්භ කරන ලද්දේ කවරෙකු විසින් ද?

3. කතාවත්ථුප්ප්‍රකරණය මගින් ඉදිරිපත් කරනු ලබන මූලික ඉගැන්වීම කුමක් ද?

4. කතාවත්ථුප්ප්‍රකරණය කෘතිය සම්පාදනය කරන ලද්දේ කවර වකවානුවක දී දැයි ලියන්න.

5. ‘වලභි’ නමැති විශ්ව විද්‍යාලය පිහිටුවීමට අනුග්‍රහය දක්වන ලද රජවරුන් හඳුන්වනු ලබන්නේ කවර නමකින් ද?

6. ‘වලභි විශ්ව විද්‍යාලය’ ආරම්භ කිරීමට පුරෝගාමී වූ පඬිවරුන් දෙදෙනෙකුගේ නම් ලියන්න

7. ක්‍රි.ව. 11 වන සියවසේ දී පමණ දූත පිරිසක් ශ්‍රී ලංකාවට එවා බෞද්ධ ධර්ම ග්‍රන්ථ එරටට ගෙන්වා ගත් බුරුම රජතුමාගේ නම කුමක් ද?

8. මෙම රජතුමා පසු කාලයේ දී බුරුමයේ සිට ශ්‍රී ලංකාවට එවූ භික්ෂු දෙනමගේ නම් ලියන්න.

9. බෞද්ධ කලා ශිල්ප අතර ‘ප්‍රතිමාඝර’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමක් ද?

10. ශ්‍රී ලංකාවේ ප්‍රතිමාඝර දක්නට ලැබෙන ස්ථාන දෙකක් නම් කරන්න.

පිළිතුරු

1. ගෝකුලික නිකායෙන්

2. යාඥවල්ක්‍ය හා මහාකාත්‍ය යන තෙරවරුන් ය.

3. පරමාර්ථ වශයෙන් පුද්ගලයෙකු යැයි කෙනෙකු නොමැති බව

4. තුන්වන ධර්ම සංගායනාවේ දී එනම් අශෝක අධිරාජයාගේ කාලයේ දී

5. මෛත්‍රික නමැති රජවරු

6. ගුණමතී හා ස්ථිරමතී

7. අනවරථ හෙවත් අනුරුද්ධ රජතුමා

8. උත්තරජීව හා චප්පට යන තෙරුන් ය

9. බුදුගෙය හෙවත් බුද්ධ ප්‍රතිමාවට කරන ලද ගෙයයි

10. අවුකන, පොළොන්නරුවේ ගල් විහාරය හා බුදුරුවගල යන ස්ථානවල ය.

අභ්‍යාස අංක - 3

1) 1 සිට 10 දක්වා කෙටි ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලියන්න.

1. (අ) බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලා එකතු වී ධර්ම සංගායනා පැවැත් වූහ. එම සංගායනාවල මූලික අරමුණු වූයේ කුමක් ද?

(ආ) ධර්ම සංගායනාවල ඓතිහාසික ප්‍රතිඵලය කුමක් වීද?

2. (අ) භික්ෂූන් උදෙසා බුදුරදුන්ගේ අවසරය ලැබුණත් ප්‍රථම සංගීතියේ දී විනයෙන් බැහැර වූ බව සැලකෙන කරුණු අටෙහි මූලික තේමාව වූයේ කුමක් ද?

(ආ) මේ කරුණු අටෙහි පළමු සංගායනාවේදී විනයෙන් බැහැර කිරීම ගැන විරෝධය පළකළ තෙරුන්ගේ නම ලියන්න.

3. (අ) මහා සංගීතිය නමින් සංගායනාවක් පවත්වන ලද්දේ කිනම් අභිමතාර්ථයක් සපුරා ගැනීම සඳහා දැයි ලියන්න.

(ආ) මහා සංගීතියේ ප්‍රතිඵලය කුමක් වී දැයි ලියන්න

4. (අ) ඒකබ්භෝහාරික නමින් හඳුන්වන ලද නව ශාඛාව කවර නිකායකින් බිහි වූයේදැයි ලියන්න.

(ආ) මෙම නව ශාඛාවේ ඉගැන්වීම වූයේ කුමක් ද?

5. (අ) ථේරවාද නිකායේ භේදයක් ඇති වීමට කවර කරුණක් මුල් වූයේ දැයි ලියන්න.

(ආ) මෙකි භේදය ඇති කිරීමට මුල් වූ භික්ෂුවගේ නම ලියන්න

6. (අ) බුද්ධඝෝෂ හිමියන් විසින් විනය පිටකය ආවරණය කරමින් ලියන ලද කෘතිය කුමක් ද?

(ආ) බුද්ධඝෝෂ හිමියන්ට මෙකී ග්‍රන්ථය ලිවීමට ආරාධනා කළේ කවුරුන් ද?

7. (අ) කතාවත්ථු ප්‍රකරණය නම් අභිධර්ම ග්‍රන්ථය රචනා කළේ කවුරුන් විසින් ද?

(ආ) මෙකී කෘතිය මගින් ඛණ්ඩනය කරන ලද මතවාදය කුමක් ද?

8. (අ) කණිෂ්ක රජු දවස පවත්වන ලද සංගායනාවේ මූලිකත්වය දැරූ තෙරුන් වහන්සේලා දෙනම නම් කරන්න.

(ආ) ත්‍රිපිටක ධර්මය පිළිබඳව මතභේද නිරාකරණය කිරීම සඳහා ලියූ ග්‍රන්ථ හැඳින්වූ පොදු නම කුමක් ද?

9. (අ) ධර්මාශෝක රජු දවස මහා ධර්මරක්ඛිත තෙරුන් ධර්ම ප්‍රචාරය සඳහා වැඩම කළ ප්‍රදේශය නම් කරන්න.

(ආ) මෙකී ප්‍රදේශය වර්තමානයේ හඳුන්වනු ලබන්නේ කිනම් නමකින් ද?

10. (අ) බුද්ධ පූජා සමඟ ස්ථූප පුජා කෙරෙහි ඇදී ගියේ කවර නිකායික භික්ෂූන් ද?

(ආ) මෙම නිකාය ආරම්භ කරන ලද්දේ කවුරුන් විසින් ද?

පිළිතුරු

1. (අ) සංඝ සාමගී‍්‍රය

(ආ) සංඝ භේදය

2. (අ) ආහාර පිළිබඳ ගැටලුව

(ආ) පුරාණ තෙරුන්

3. (අ) ථෙරවාදීන්ට එරෙහිව නව මතයක් තහවුරු කිරීමට

(ආ) නිකාය භේදය පැන නැගීම

4. (අ) මහා සාංඝික නිකායෙන්

ආ) පුද්ගල මනස ඉතා ප්‍රභාෂ්වර දෙයක් නිසා කිලිටි දේවලට ඇතුළු විය නො හැකිය . සියලු ප්‍රපංච එක් ක්ෂණයකින්ම ප්‍රත්‍යක්ෂ කළ හැකි ය.

5. (අ) පුද්ගල සංකල්පයෙන්

(ආ) වාතසි පුත්‍ර හිමියන්ට

6. (අ) සමන්ත පාසාදිකාව

(ආ) බුද්ධසිරි තෙරුන්ය

7 .(අ) මොග්ගලී පුත්තතිස්ස තෙරුන්ය

(ආ) පුද්ගල සංකල්පය

8. (අ) පාර්ශ්ව හා වසුමිත්ත තෙරවරුය

(ආ) විභාෂා ග්‍රන්ථ

9. (අ) මහාරාට්ඨ

(ආ) මහාරාශ්ඨය

10. (අ) ධර්ම ගුත්තික නිකාය

(ආ) ධර්ම ගුප්ත හිමි

02. (1) භාරතයේ රාජ්‍ය කළ කණිෂ්ක මහා රජු බුදුදහම වැළඳගත් ආකාරය පැහැදිලි කරන්න.

ධර්මාශෝක මහා අධිරාජයාගෙන් පසු භාරතයේ පහළ වූ අතිශ්‍රේෂ්ටතම බෞද්ධ නරපතියා වූයේ කණිෂ්ක රජතුමා ය. කුෂාන රාජ පෙළපතේ තුන්වන පාලකයා වූයේ මොහු ය. මෙතුමා බුදු සමය වැළඳ ගැනීම පිළිබඳව වාර්තා දෙකක් ඇත. එම මත අතුරෙන් පළමු මතය වන්නේ දිනක් පඳුරු සහිත වගුරු බිමක රජු ඇවිදිද්දී දිවයන කුඩා හාවෙකු රජුට දක්නට ලැබුණි. රජු එම හාවා පසුපස දිව ගියේ ය. එහි දී අඩි තුනක පමණ සෑයක් ගොඩනගන ගොපළු දරුවෙකු දුටහ. එම දරුවාගෙන් ඔබ කුමක් කරන්නෙහි දැයි විමසූ විට ඔහු පවසා සිටියේ මෙරට රාජ්‍යයට පත්වන කණිෂ්ක නම් රජෙකු සර්වඥ ධාතුන් විශාල ප්‍රමාණයක් තැන්පත් කොට එම ස්ථානයේ චෛත්‍යයක් පිහිටුවනු ලබන බව ශාක්‍ය මුනීන්ද්‍රයන් ප්‍රකාශ කොට ඇති බවයි. මෙසේ ප්‍රකාශ කළ ගොපළු දරුවා එකවරම නො පෙනී ගියහ. එම දරුවාගේ ප්‍රකාශයෙන් ඉමහත් ප්‍රසාදයට පත් වූ රජතුමා බුදුදහම වැළඳ ගත්හ. මෙය පළමු මතය වන අතර

කණිෂ්ක රජු බුදුදහම වැළඳගැනීම පිළිබඳව තවත් වාර්තාවක සඳහන් වන්නේ පාර්ශ්ව තෙරුන්ගේ අනුශාසනා පරිදි බුදු සමය වැළඳගත් බවයි.

03. ගන්ධාර බුද්ධ ප්‍රතිමා හා මථුරා බුද්ධ ප්‍රතිමාවන්ගේ වෙනස්කම් වෙන වෙනම ගෙනහැර දක්වන්න.

04. බුද්ධ ප්‍රතිමාවන් හි දක්නට ලැබෙන මුද්‍රා සහ ආසන වෙන වෙනම ලියා දක්වන්න.

බුදුපිළිම හා බැඳුනු මුද්‍රා වර්ග හයක් පමණ දක්නට ඇත. එකී මුද්‍රා නම්

1. සමාධි මුද්‍රාව 2. ධර්ම චක්‍ර මුද්‍රාව 3. අභය මුද්‍රාව 4. විතර්ක මුද්‍රාව 5. භූමි ස්පර්ශ මුද්‍රාව

6.වරද මුද්‍රාව යනුයි බුදුරදුන් සිය හස්ථය හැසිරූ ආකාරය මෙයින් දැක්වේ.

බුද්ධ ප්‍රතිමාවන්හි ආසන හතරක් පමණ දක්නට ඇත. එනම්

1. පද්මාසනය 2.වීරසානය 3.භද්‍රාසනය

4. වජ්‍රාසනය යනුයි. බුදුරදුන් සිය පාද තබාගත් ආකාරය ආසන වලින් දැක්වේ.