Print this Article


ශ්‍රී ආනන්දබෝධි විහාරයේ රන්වැට හා සංඝාවාසය විවෘත කිරීම 21 දා

ශ්‍රී ආනන්දබෝධි විහාරයේ රන්වැට හා සංඝාවාසය විවෘත කිරීම 21 දා

මොරටුව අඟුලාන උඩුමුල්ල ශ්‍රී ආනන්දබෝධි මහා විහාරයෙහි පිහිටි ඓතිහාසික ආනන්ද බෝධිරාජයා වටා ඉදිකරන ලද රන්වැට හා නව භික්ෂු නිවාසය විවෘත කිරීම මේ මස 21 වැනි දින පස්වරු 4 ට සිදු කෙරේ.

කැලණිය රාජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කොල්ලුපිටියේ ශ්‍රී මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ගේ සුරතින් රන්වැට විවෘත කිරීම ද ,බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවපි‍්‍රය මහතා විසින් නව සංඝාවාසය විවෘත කොට පූජා කිරීමද සිදු කෙරේ.

උත්සව සභාවෙහි මුලසුන දරනු ලබන්නේ අත්තුඩාවේ ශ්‍රී පියරතන නා හිමියන් විසිනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දර්ශනපති අගලකඩ සිරිසුමන හිමියන් ඇතුළු මහ සඟරුවන ද රාජ්‍ය මුදල් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ඒ.එච්.එම් ෆවුසි යන ඇමතිවරුන් ප්‍රමුඛ මහජන නියෝජිතයින් ඇතුළු සම්භාවනීය පිරිසක් එම අවස්ථාවට සහභාගි වීමට නියමිත ය.

විහාරස්ථානයෙහි කඨින පින්කම නිමිත්තෙන් මේ මස 20 වැනිදා සිට 28 දක්වා රටට සෙත්පතා අටවිසි පූජා පින්කම් මාලාවක්ද 26 දින රාත්‍රී 7 ට කහගොල්ලේ සෝමවංශ හිමියන් විසින් දම් දෙසුමක්ද 28 දින සවස මල් පෙරහර හා පිරිත් දේශනය පවත්වා 29 දින කඨින චීවර පූජාව පැවැත්වෙන අතර එදින කඨිනානිසංස ධර්ම දේශනාව රත්මලාන මල්ලිකාරාමාධිපති රාජකීය පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර හිමියන් විසින් පවත්වනු ලැබේ. විහාරාධිපති ශාස්ත්‍රපති හේනේගම අමරනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි ධර්ම විද්‍යාලයාධිපති උස්වැව අමරසීහ, පණ්ඩිත සපුගොල්ලේ ධම්මානන්ද යන හිමිවරුන් හා විහාර කාර්ය සාධක සමිතිය එම උත්සවය සහ පින්කම් මාලාව සංවිධානය කර ඇත.