Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ගාල්ලේ දංගෙදර ජයවර්ධනාරාමයේ අභිනව බෝධි ප්‍රාකාරය, රන්වැට සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. ජයවර්ධනාරාමාධිපති පල්ලාවෙල සුමේධවංශ හිමි, ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් මහත්වරු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක් වූ අතර ජනාධිපතිතුමා විසින් සමරු ඵලකය නිරාවරණය කළ අවස්ථාව මෙහි දැක්වේ .



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී ඉකුත් දා (30) ආගමික වතාවත්වලට සහභාගිවූ අවස්ථාව. ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති, පී. හැරිසන්, කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යන මහත්ම මහත්මීහු ද ඊට සහභාගි වූහ. එහිදී අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක අගමැතිතුමා විසින් අටපිරිකර පූජා කළ අවස්ථාව.

වැල්ලවත්තේ ෆෙඩ්රිකා පාරේ ශ්‍රී විජයාරාමාධිපති අහංගම ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙත්සවිය – මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදය – නිර්මාතෘ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ මූලිකත්වයෙන් මැද කොළඹ රොටරි සමාජයේ ද ආධාර ඇතිව ඇස් කණ්ණාඩි සහ ශ්‍රව්‍යාධාර උපකරණ නොමිලයේ ලබාදීම ඉකුත් දා (17) වැල්ලවත්ත ශ්‍රී විජයාරාමයේ දී සිදු කෙරිණි. නුගේගොඩ “සයිට් එන් ස්ටයිල් ඔප්ටොමෙටිරිස්’ ආයතනයේ නෙරංජලා කන්නන්ගර මහත්මියගේ හා චන්නක පෙරේරා මහතාගේ ධන පරිත්‍යාගයෙන් 400 කට අධික පළාත්වාසී ජනතාවට ඇස් පරීක්ෂාව සහ ඇස් කණ්නාඩි හා ශ්‍රවණාධාර උපකරණ බෙදා දෙන ලදී. එම අවස්ථාවට විහාරාධිපති අහංගම ආනන්ද හිමියන්ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා සහ චන්නක පෙරේරා, නිරංජලා කන්නන්ගර මහත්මිය සහ රෝහණ බැද්දගේ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.