Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කළුතර, වස්කඩුව, නුගගොඩවත්ත පදිංචි එම්.ගුණසේන සිල්වා යන අයගේ වකුගඩු අක්‍රියවීම නිසා ඕ පොසිටිව් වර්ගයට අයත් වකුගඩුවක් ඉක්මනින් බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය අනුර පි‍්‍රයන්ත හේවාගීගන මහතා විසින් නිර්දේශ කර ඇති බව කියයි.

එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වෙතොත් පහත දැක්වෙන අංකයන්ට දන්වන මෙන් ඉල්ලීමක් කෙරේ.

072-8015856 දුරකතන අංකය වේ. එසේම ඒ අයට මුදලින් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වෙතොත් පානදුර කොමර්ෂල් බැංකුවේ ඔහුගේ ගිණුම් අංකය වන 8410037206 වෙත බැර කරන ලෙසද ඉල්ලා සිටියි.

****

තිස් අට හැවිරිදි මනෝජ් ප්‍රසන්න සෙනෙවිරත්න තී‍්‍රවීල් හයර් කිරීම තුළින් තම ජීවිකාව ගැටගසාගත් අයකු බවත් ඔහුට ඕ නෙගටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බවත් කියයි. ඒ වගේම වකුගඩු සැත්කම සඳහා මුල්‍යම වශයෙන් දායකවීමට හැකිනම් 222200140018582 මහජන බැංකුවේ මෙම ගිණුම් අංකයට හැකි මුදලක් බැර කරන ලෙසත් එය මහත් උපකාරයක් වන බව කියයි. වැඩි විස්තර 0776015177 රංගන, 0774720754 දිනූෂ යන අයගේ දුරකතන අංකවලට අමතා ලබාගැනීමට පුළුවන් බවද කියයි. නො. 37/2, සාන්ත මරියා මාවත, මහබාගේ, රාගම.

කළුබෝවිල පදිංචි දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන රෝගියෙකු හට හැකි ඉක්මණින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. වැඩි විස්තර පහත දුරකථනයෙන් දැනගත හැකි බවද කියයි. 0758274540