Print this Article


මහනුවර දළදා මාළිගාවේ කඨින චීවර පූජා මහෝත්සවයෙන්

මහනුවර දළදා මාළිගාවේ කඨින චීවර පූජා මහෝත්සවයෙන්

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මෙම වසරේ කඨින චීවර පූජා මහෝත්සවය පසුගියදා සිදු කෙරිණි. කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනි ශද්ධා ප්‍රසාදිනී ධම්මචාරී කොත්මලේ සුධර්මා සිල් මෑණියන් වහන්සේගේ උපදේශකත්වය යටතේ දෙහිවල කව්ඩාන පාරේ දෙවන පටුමග පදිංචි දමිත ජයවර්ධන මහතා, නදීෂා ජයවර්ධන මහත්මිය, දිසල සහ පියුමදී දූදරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් එය පැවැත්විණි. කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමයේ සිට මහනුවර නගරය ඔස්සේ ගමන් කරන ලද අලි ඇතුන් සහිත විචිත්‍ර පෙරහරකින් කඨින චීවරය ශ්‍රී දළදා මාළිගාව වෙත වැඩම කරවීය.

මෙවර වස් ආරාධනාව පිළිගත් දළදා මාළිගාවේ තේවාව භාර මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා සංඝරත්නය වෙත කඨින චීවරය සඟ සතුකොට පූජා කරන ලදී. දියවඩන නිලමේ නිලංග දෑල මහතා ද එම අවස්ථාවට සහභාගී වූ අතර සියක් නමක් මහ සඟ රුවන විෂයෙහි අටපිරිකර සහිත සංඝගත දක්ෂිණාවක් පිරිනමන ලදී.