Print this Article


නැදගමුවේ සෝම හිමියෝ පළමු තැනට

නැදගමුවේ සෝම හිමියෝ පළමු තැනට

2017 සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයේ ආගමික කටයුතු කුසලතා ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය නැදගමුවේ සෝම හිමියෝ ලබති. රද්දොළුව ශ්‍රී සුබෝධාරාමාධිපති රද්දොළුවේ විමලවංස අනුනාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස 2005 නොවැම්බර් 08 වන දා පැවිදි බිමට පත් නැදගමුවේ සෝම හිමියෝ 2016 දී අධිසිල් ලැබූහ.

ගම්පහ විද්‍යාරවින්ද මහා පිරිවෙනේ අධ්‍යාපනය ලබන අතර දැනට මූලික පිරිවෙන් අවසානය,ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමත් වී ඇත. එමෙන්ම මෙවර අ.පො.ස උසස්පෙළ විභාගය සඳහා ද පෙනී සිට ඇත. එසේම දැනට ප්‍රාචීන මධ්‍යම පන්තියෙහි අධ්‍යාපනය ලබමින් සිටිති.

2017 අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයේ ආගමික කටයුතු කුසලතා ජ්‍යෙෂ්ඨ අංශයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබාගත් අතර ඉන් අනතුරුව සැප්තැම්බර් මස 30 වන දින පැවති සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයේ දී ආගමික කටයුතු කුසලතා ජ්‍යෙෂ්ඨ අංශයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගනු ලැබූහ.