Print this Article


බුදුසරණ සදහම් අරණ

බුදුසරණ සදහම් අරණ

දුවේ පුතේ, බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ ඔබගේ නිර්මාණ එවීම සඳහා අප ලබා දුන් මාතෘකාව “අපේ පන්සල” යි. ඔබ එවන නිර්මාණාත්මක ගද්‍ය, පද්‍ය හා සිතුවම් හොඳම නිර්මාණයන්ට ත්‍යාග පිරිනැමෙනු ඇත. ඔබගේ නිර්මාණ පුර අටවක, පුර පසළොස්වක, අව අටවක, අමාවක යන සතර පෝ දාටම නිකුත්වන බුදුසරණ කලාපයන්හි පළ කරමු.


මගේ දහම් පාසල

මගේ දහම් පාසලේ නම ශ්‍රී සුගත සුභද්‍රාරාම ධර්ම විද්‍යාලය යි. එය ගනේමුල්ල ගලහිටියාවේ පිහිටා ඇත. කුඩා කල සිටම විනීත , කීකරු බොදු දරුවන් ලෙස සමාජයට එක් කිරීමට දහම් පාසල අපට උදව් කරයි. අප කළ යුතු සියලු හොඳ වැඩ මෙන්ම නො කළ යුතු නරක වැඩත් අපට කියා දෙයි.

සෑම බෞද්ධ ළමයෙකුම ඉරිදා දින අනිවාර්යයෙන් ම දහම් පාසල් යා යුතු බව මගේ හැඟීම යි.අප ඉගෙන ගන්නා දහම් පාසල ආරක්ෂා කර ගැනීම අප සතු මහඟු යුතුකමකි.


මනුෂ්‍යත්වයෙන් පිහිට වෙමු

මානව හදවතෙහි දයාව, කරුණාව, අනුකම්පාව, සෙනෙහස, මුසු අසීමිත උතුම් ගුණයන් නිර්මාණය වීම කෙ තරම් සුන්දර ද? යහපත් පුද්ගලයා ළමා වියේ සිට වැඩිහිටි විය දක්වාම සංවේදී ගුණ දහම් ජීවිතයට පුරුදු කර ගනියි. යහපත් පුද්ගලයන් ලෙස ජීවත්වෙයි.

අසරණ වූ පුද්ගලයන් අපට ඕනෑ තරම් නෙත ගැටේ. එවැනි මිනිසුන් දෙස අනුවේදනීය හැඟීමෙන් පිහිට වන්නේ අද සමාජයේ කී දෙනාද? කෑමට යමක් නැති, රෝග පීඩාවලින් දුක් විඳන, ඉන්නට තැනක් නැති මානසිකව බිඳ වැටුණ මිනිසුන් දෙස සංවේදී නෙතින් බැලීම කළ යුතුය. එය උතුම් මිනිස් ගතියකි.

උසස් මානුෂික හදවතින් දස දහස් අසරණ ජීවිතවලට සරණ වී ගුණගරුක සමාජයක් දායාද කිරීම පින්බරය.


මගේ පන්සල

මගේ පන්සල ධර්ම ශ්‍රී වර්ධනාරාමය යි. එය පිහිටා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල ප්‍රදේශයේ ය. මගේ පන්සලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වෑදන්ඩේ ජිනරතන හිමියන් ය. ඉරිදා දින එහි විශාල සිසුන් ප්‍රමාණයක් සහභාගි වන දහම් පාසලක් පැවැත්වෙයි.අපගේ පන්සල ආරක්ෂා කර ගැනීම අප සැමගේ යුතුකමක් හා වගකීමක් වෙයි.