Print this Article


සංකල්ප විහාරයේ පැවිදි කිරීමේ පින්කමක්

සංකල්ප විහාරයේ පැවිදි කිරීමේ පින්කමක්

පිළියන්දල, මාකන්දන, වැලිතොටුවත්ත සංකල්ප විහාරස්ථානයේ දී කුල දරුවන් දෙදෙනෙකු සසුන්ගත කිරීමේ පුණ්‍ය මහෝත්සවයක් ඔක්තෝබර් මස 06 දින පෙරවරු 9.00 ට තලගල මංගලාරාමාධිපති, තලගල සුමනරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. එම අවස්ථාවට සල්පිටි කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක හල්විටිගල යසස්සී හිමි, ශ්‍රී නිලංකා බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති රන්පත්විල විමලරතන හිමි, හෑගොඩ විපස්සී හිමි, සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක මෙඩේරිගම නන්දාරාම නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද බුද්ධ ශාසන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ,පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා, පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා, කැස්බෑව ප්‍රාදේශීය මහලේකම් ජීවමාලා මහත්මිය ඇතුළු ගිහි ප්‍රභූවරුන් ද සහභාගී වීමට නියමිතය.

නාඹලුව අටකලන්පන්න පදිංචි උදීශ ලක්ෂාන් මධුසංඛ

කොත්මලේ නයාපාන පදිංචි ධනුෂ්ක මධුෂංඛ යන කුල දරුවන් පැවිදි කිරීමට නියමිත ය.