Print this Article


තල්පිටියේ ශ්‍රී දළදා පූජෝත්සවය

තල්පිටියේ ශ්‍රී දළදා පූජෝත්සවය

වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරයේ වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී දළදා පූජෝත්සවයේ 84 වන ශ්‍රී දළදා පූජෝත්සවය ට සමගාමීව පැවැත්වෙන පින්කම් මාලාව 30 වනදා දක්වා පැවැත්වේ. 28 වනදා පිරිත් දේශනයක්ද සැප්තැම්බර් 29 වන දින රාත්‍රී 7.00ට අපවත්වී වදාළ ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදනාවක් ද, ශ්‍රී දළදා පූජෝත්සවය ද පැවැත්වේ.

එදින ධර්ම දේශනය පවත්වනු ලබන්නේ බම්බලපිටිය වජිරාරාමාධිපති ශාස්ත්‍රපති ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන් විසිනි.සැප්තැම්බර් 30 වනදා නැවත විහාරස්ථානයට ගෙවදීමෙන් පසු 84 වන ශ්‍රී දළදා මහා පූජෝත්සවය නිමාවට පත්වේ