නාවල විමල විහාරයේ දී දිනපතා දම් දෙසුම් 
			
			 
			 
			 
			 
නාවල විමල විහාරයේ දී බැරගම විමලධම්ම නා හිමියන්ගේ මෙහෙවීමෙන් 61 වන වාර්ෂික කඨින 
පින්කම සහ අපවත් වී වදාළ වැරැල්ලානේ විමලතිස්ස නා හිමියන්ගේ 12 වන ගුණ සැමරුම් 
පින්කම නිමිත්තෙන් සැප්තැම්බර් 10 වනදා සිට ඔක්තෝබර් 29 වනදා දක්වා ධර්ම දේශනා 
මාලාවක් පැවැත්වේ.  
සවස 6.30 ට ගිලන්පස බුද්ධ පූජාවද, රාත්‍රී 7 ට ධර්ම දේශනාව ද දිනපතා පැවැත්වේ. 
			 
ඒ අනුව මෙම 16 වනදා සිට දිනපතා පිළිවෙලින් දර්ශනපති, බලංගොඩ, සෝභිත 
නාහිමි,අතුරුගිරියේ විමලරතන නා හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, 
ත්‍රිපිටකාචාර්ය කහගොල්ලේ සෝමවංශ හිමි, කොරතොට වෙස්සභූ හිමි, නෙළුවාකන්දේ ඤාණානන්ද 
හිමි, ගල්කිස්සේ සෝමානන්ද හිමි, මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි,නින්දානේ චන්දවිමල 
හිමි, මඩිහේ සුගතසිරි හිමි, ලේනව මංගල හිමි, ශාස්ත්‍රපති පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි 
හිමි, පිළිවෙලින් මෙම 27 වනදා දක්වා දම්දෙසුම් පවත්වනු ලැබේ.   |