Print this Article


අකුසල චෛතසික - අහිරික: පුද්ගලයාගේ ක්‍රියාව මනසේ කැඩපතයි

අහිරික

පුද්ගලයාගේ ක්‍රියාව මනසේ කැඩපතයි

"පවට ලජ්ජා සහ බය නො මැත්තා කුමන ආකාරයක හෝ අකුසල් සිදුකිරීමට මැලිවන්නේ නැත. අහිරික යන්නෙහි අර්ථය ද පාපයට නැතිනම් පව්කිරීමට බය නැතිකම යි. මොවුන් කාය සුචරිතාදිය දැඩිව පිළිකෙව් කරයි. මුළු ලොවම ජාලයකි. කෙනෙක් නිරන්තරව තවකෙනකු සමඟ බැ¼දී පවති. හේ වෙන කෙනෙකු සමඟ බැඳේ. අවසන සියල්ලෝ චක්‍රයක් ලෙසින් බැඳී සිටී. ජාලයෙන් පිටත තනිව පැවත්මට කිසිවකුට නොහැකි ය. කය වචනය සහ මනස මිනිසුන්ගේ තිදොර ය. තිදොර ජාලයේ බැඳීමට උපකාරී වේ. තිදොර දුෂ්‍යව පරිහරණය කරන අහිරිකයා සමස්ථ මානව ජාලයට පිළිලයකි."

මිනිසෙකු නමින් මෙලොව උපදින සියල්ලෝ ම මනුෂ්‍යයන් නොවෙති. මනසින් උසස් තැනැත්තා මිනිසා ය. කයෙන් මිනිස් රුවක් තිබුණ ද මිනිස් ගුණ නොමැති මනසින් කිසිවෙකුට ඵලක් නැත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මිනිසෙකු වන්නට කයෙන් මෙන්ම මනසින් මිනිස්කම ප්‍රගුණ කළ යුතු ය. පුද්ගලයකුගේ ක්‍රියාව ඔහුගේ මනසේ කැඩපතකි. පුද්ගලයකුගේ දෛනික ක්‍රියාකලාපයන් සිදුවන්නේ මනසේ සිතිවිලිවල සංකලනයෙනි.

කෙනෙකුට සමාජය සුවඳ කරන කුසුමක් වන්නට ත්, සියලු දෙන පිළිකුල් කරන මඩවගුරක් වන්නට ද පුළුවන. ඇවැසිවන්නේ යහපත් හෝ අයහපත් සිතිවිලි පමණ ය. බුදුදහමේ ඉගැන්වෙන අහිරික චෛතසිකය ද මිනිස්කම දිළිඳු කරන අකුසල චෛතසිකයක් වන්නේ ය.

පවට ලජ්ජා සහ බය නො මැත්තා කුමන ආකාරයක හෝ අකුසල් සිදුකිරීමට මැලිවන්නේ නැත. අහිරික යන්නෙහි අර්ථය ද පාපයට නැතිනම් පව්කිරීමට බය නැතිකම යි. මොවුන් කාය සුචරිතාදිය දැඩිව පිළිකෙව් කරයි. මුළු ලොවම ජාලයකි.

කෙනෙක් නිරන්තරව තවකෙනකු සමඟ බැඳී පවති. හේ වෙන කෙනකු සමඟ බැඳේ. අවසන සියල්ලෝ චක්‍රයක් ලෙසින් බැඳී සිටී. ජාලයෙන් පිටත තනිව පැවත්මට කිසිවකුට නොහැකි ය. කය වචනය සහ මනස මිනිසුන්ගේ තිදොර ය. තිදොර ජාලයේ බැඳීමට උපකාරී වේ. තිදොර දුෂ්‍යව පරිහරණය කරන අහිරිකයා සමස්ථ මානව ජාලයට පිළිලයකි.

අහිරික බවේ විරුද්ධ අර්ථය හිරි-ඔතප් නැතිනම් ලජ්ජා-බයයි. ලෝකය දියුණුවට හෝ පරිහානියට ගෙනයාමේ බලය සතු හිරි-ඔතප් ලෝක පාලක ධර්ම ලෙසින් සැළකේ. අහිරිකවත් පුද්ගලයා මිනිස්කමින් දිළින්දෙකි. ඔහු නිරන්තර ව වරදේ බැඳේ. අවසන දිලින්ඳෙකු වේ. භෞතිකව කෙතරම් ධනය තිබුණ ද මනසින් පොහොසත් නොවන්නා සැම දින දුප්පතෙකි.

බුදුදහමේ ඉගැන්වීම් අනුව අහිරික චෛතසිකය අකුසල සමාපත්තියට දොරටු විවර කර ගැනීමකි. ඉන් පාපකාරී සිතිවිලි මනසේ වැඬේ. සොරෙකු තම සොරකමට පෙර සැලසුම් කිරීම උපහැරණයකි.

අවසානයේ ක්‍රියාව සඵල වුව ද සිතිවිල්ල අකුසලයකි. ධම්මපදයෙහි, අහිරිකයා දක්ෂ කපුටෙකු සමඟ සසඳයි. කපුටාගේ එකම අරමුණ කෑම සොයා ගැනීම ය.

කුසගින්නට බුද්ධපාත්‍රය වුව ද කසළ ගොඩක් වුව ද වැදගත් නැත. ඌ කෙසේ හෝ තම අරමුණ සඵල කර ගනී. ක්‍රියාවේ ඵල විපාක ගැන නොසිතයි. මෙයින් අනෙකා පීඩාවට පත්වේ ද යන්න ද නොසළකයි. කපුටා තිරිසන් සත්වයෙකි. කපුටාගේ ගුණදොස් විමසීමට එම පක්ෂියාගේ ජන්මය හරස් වේ. නමුත් මිනිසා සමාජ සත්වයෙකි. මනසින් උසස් ම සත්වයා ද වේ.

සමාජයේ පැවැත්ම උදෙසා කළයුතු යුතුකම්, වගකීම් රැසක් මිනිසෙකු සතු ය. ඥාාති ලෙසින් තවකෙනකු සමඟ බැඳෙන ඔබ ඥාාතින් නොවන පුද්ගලයින් සමඟ ද බැඳේ.

මිතුරෙකු, අසල්වැසියකු, සේවකයකු ආදී ලෙස බැ¼දීම්වල නිමක් නැත. මිනිසා ජීවත්විය යුත්තේ සියලු බැඳීම් වෙනුවෙනි. පවට ලජ්ජා සහ බය වීම මිනිස්කමට අර්ථයක් ම එක්කරනු ඇත.