Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

කෝට්ටේ රජ මහා විහාරයේ 117 වැනි වරටත් පවත්වන ලද දළදා පෙරහර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (1) ආරම්භ විය. විහාරස්ථානයේ පැවැති ආගමික වතාවත්වලටද සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පෙරහරේ සධාතුක කරඬුව තැන්පත් කිරීම ද සිදු කළේය. එහිදී කෝට්ටේ කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන් සහ කෝට්ටේ රජමහා විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ හිමියෝද අනුශාසනා පැවැත්වු අතර මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද උත්සව සභාව ඇමතූහ. එම අවස්ථාවට බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා , ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූහ.