Print this Article


පොත් විත්ති

පොත් විත්ති

ප්‍රායෝගික බුදුදහම (සමාජ සංගායනා - 3)

කර්තෘ තාරක වික්‍රමසේකර

ප්‍රකාශනය සාහිත පොත් පියස

ශාස්ත්‍රපති, පණ්ඩිත, දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් සමඟ මාධ්‍යවේදී තාරක වික්‍රමසේකර බුදුසරණ පුවත්පතට කළ සාකච්ඡා ඇසුරෙන් සම්පාදිත මෙම ග්‍රන්ථය ප්‍රායෝගික බුදුදහම (සමාජ සංගායනා - 3 ) ලෙස නම් කොට ඇත.

සරල සුගම බසින් පළකර ඇති මෙම ග්‍රන්ථය පාඨකයාට අලුත් මානයක් ඔස්සේ සිතන්නට ඉඩකඩ ලබා දී ඇත. සරල දිවිපෙවෙත, වගකීම් මොනවා ද? සතර පෝය, වරද නිසි ලෙස පිළිගෙන නිවැරැදි වෙමු ආදී මාතෘකා 22 ඔස්සේ මෙම ග්‍රන්ථය ඔබ අතට පත්වේ.

 

 

 

 

 

 

 

 


සතිය භාවනාව සහ නිවන් මග

කර්තෘ තිලක කුඩාහෙට්ටි

ප්‍රකාශය සාහිත පොත් පියස

බෞද්ධ කෘති රැසක් සිංහලයට පරිවර්තනය කළ තිලක කුඩාහෙට්ටි සූරීන්ගේ නවතම ග්‍රන්ථය සතිය, භාවනාව සහ නිවන් මඟ ලෙස නම් කොට ඇත.

තායිලන්තයේ දී භාවනාව ප්‍රගුණ කළ ඇමරිකානු ජාතික ථානිස්සරෝ තෙරුන් පැවැත් වූ ධර්ම දේශනා ඇතුළත් ර්ඥඤඪබචබඪධදඵ ඉංගී‍්‍රසි කෘතියේ සිංහල පරිවර්තනයකි.

භාවනාවෙන් අදහස් වෙන්නේ සිත සන්සුන් කර ගැනීම ය. සමාධිමත් සිතක් ස්ථාපිත වන්නේ සන්සුන් වු සිතක් තුළ පමණි යන්න මෙම ග්‍රන්ථයේ ගැබ් වී ඇති අදහසයි.

 

 

 

 

 

 

 


දුටු නුදුටු ලෝකය

කර්තෘ නන්දා පල්ලේගම

ධර්ම දානය පිණිස බෙදා දීමට අපේක්ෂිත ‘දුටු නුදුටු ලෝකය’ නමැති ග්‍රන්ථය විශ්‍රාමලත්, පාඨශාලාචාරිනි නන්දා පල්ලේගම මහත්මිය විසින් රචනා කොට ඇත.

ශ්‍රද්ධා, විරිය, සමාධි, ප්‍රඥා කරුණු හතර සමව පවත්වා ගනිමින් බුදුදහම තුළ සදාතන රැකවරණය සලසා ගන්නා ආකාරය මෙම ග්‍රන්ථය තුළින් පාඨකයාට කියා දෙයි. ‘ අපේ සිතට වේදනාවක් ඇතුළුවීම ස්වභාවිකය’ ‘දෙලොව ජය ගෙනෙන සීලය’ මම පැතූ ලෝකයේ බොහෝ දේ අහිමි විය. ආදී මාතෘකා ඔස්සේ මෙම ග්‍රන්ථය ලියැ වී ඇත.