Print this Article


ත්‍රිපිටක ධර්ම පීඨයේ බාහිර අධ්‍යයන පාඨමාලා ආරම්භය 24 වැනිදා

ත්‍රිපිටක ධර්ම පීඨයේ බාහිර අධ්‍යයන පාඨමාලා ආරම්භය 24 වැනිදා

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මූලස්ථානයෙහි පවත්වන ත්‍රිපිටක ධර්ම පීඨයේ බාහිර (අනේවාසික) අධ්‍යයන පාඨමාලා, මෙම සැප්තැම්බර් මස 24 වැනිදින ආරම්භ කිරීමට නියමිත බව ත්‍රිපිටක අධ්‍යාපන මණ්ඩලයේ ලේකම් මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමියෝ දන්වා සිටිති. සිසුන් ලියාපදිංචි කිරීම හා සමාරම්භක උත්සවය මේ මස 14 වනදින උදේ 9.00 ට ඉහත සඳහන් මූලස්ථානයේ දී පැවැත්වීමට ද තීරණය කොට ඇත.

බාහිර (අනේවාසික) පාඨමාලා - එම පාඨමාලා නොමිලයේ පැවැත්වෙන අතර, සිසුන් සඳහා අවශ්‍ය ධර්ම, විනය ග්‍රන්ථ ද ආයතනය මඟින් ලබා දෙනු ඇත. ආරම්භක දිනය මෙම 24 වනදා වන අතර ලියාපදිංචි කිරීම මෙම මස 14 පෙරවරු 9.00 මහ සංඝ මූලස්ථානය, 566, ඇල්විටිගල මාවත (ලංකා හොස්පිටල් අසළ) නාරාහේන්පිට, කොළඹ 05 යන ස්ථානයේ දී සිදු කෙරේ.

පාඨමාලා සහ පන්ති පැවැත්වෙන දින මෙසේය.සූත්‍රාන්ත ධර්ම අධ්‍යයනය – සෙනසුරාදා පෙරවරු 3 සිට 5 දක්වා, අභිධර්ම අධ්‍යයනය – ඉරිදා පෙරවරු 8. 30 සිට 10. 30 දක්වා, විනය අධ්‍යයනය – ඉරිදා පෙරවරු 3.00 සිට 5 දක්වා වේ. පාඨමාලා කාලය – වසර දෙකයි.අපේක්ෂකන්ගේ සුදුසුකම් වයස අවුරුදු 17 වැඩි තෛ‍්‍රනිකායික සාමණේර උපසම්පදා ඕනෑම භික්ෂු නමකට මෙම පාඨමාලාවන්ට සහභාගි විය හැකි බවද කියයි.