Print this Article


බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකත්වය දරන දුවේ පුතේ, මේ වස්සාන කාලය යි. පින් පිරෙන මාසය යි. ඔබත් මවුපියන් සමඟ එක්ව කළ හොඳ ක්‍රියා, පුණ්‍ය ක්‍රියා ගැන නිර්මාණාත්මකව අප වෙත ලියා එවන්න. ඉදිරි කලාපවලදී එම නිර්මාණ පළ කරමු. අපවෙත ලැබී ඇති අම්මා පිළිබඳ රචනා ලබන කලාපවල දී පල වේ. හොඳම නිර්මාණ සඳහා වන ත්‍යාග ඉදිරියේ දී ලැබෙන්නට සලසමු. ඔබගේ සාමාජික අංකය වන්නේ නමට ඉදිරියෙන් ඇති අංකය යි.

57. බී.කේ. දිනුම් දම්නදි
2 ශ්‍රේණිය ලයිසියම් ජාත්‍යන්තර පාසල,

58. දසුනි කුමාර උඩුවැරැල්ල
8 ශ්‍රේණිය විහාර මහා දේවි විදුහල,

59. ඩී.ජී. ජයිනි තීක්ෂණ ඊරියගොල්ල
1 ශ්‍රේණිය ශ්‍රී ධම්මරක්ඛිත දහම් පාසල – දන්තුරේ

60. හිරුනි ප්‍රමුදිකා රන්තිලක
12 විද්‍යා, බී පුෂ්පදාන බාලිකා විද්‍යාලය – මහනුවර

61. දේශානි ප්‍රබෝධා සමරසිංහ
09 ශ්‍රේණිය ශ්‍රී පේමානන්ද දහම් පාසල, හැලමඩ

62. ටී.වී. චානක සම්පත් බණ්ඩාර විතාන
11 ශ්‍රේණිය සිරි සුමංගල දහම් පාසල, ගුන්නෑපාන

63. ආර්.ඩී.ජී. සිසිනි ඉවන්ති පනන්වල
10 ශ්‍රේණිය ශ්‍රී ධර්මඥාණ දහම් පාසල - මොරහේන

64. කේ. ඉසුරි සිතුමිණි පෙරේරා
7 ශ්‍රේණිය බී, ශ්‍රී රාහුල බාලිකා විදුහල, මාලඹේ

65. කේ. ප්‍රමුදි සිතුමිණි පෙරේරා
7 ශ්‍රේණිය බී ශ්‍රී රාහුල බාලිකා විදුහල, මාලඹේ

66. චනිත්මා අබේවර්ධන
7 ශ්‍රේණිය ජනාධිපති බාලිකා විදුහල, නාවල

67. ඩබ්.එම්. සඳලි උමේෂා කරුණාතිලක
8 ශ්‍රේණිය වා/ග / ප අකුරුම්බොඩ කනිටු විදුහල

මව්පිය ගුණ වන්දනා

දස මසක් කුස දරා මෙලොවට බිහි කර අනේක දුක් විඳ අප ඇති දැඩි කර ලොකු මහත් කර පෝෂණය කළේ ඇය යි. යහපත් මිනිසුන් කරනු වස්, අධ්‍යාපනය ලබා දී පාසල් යවා සමාජයට වැඩදායී පුද්ගලයන් කරන පරම පිවිතුරු චේතනාවෙන් කුසට අහර නො ලබා ඇය අනේක දුක් වින්දා ය. බොහෝ දුක් ගැහැට හමුවේ අප කුස පුරවනු වස් ලැබෙන හැම දුක් කන්දරාවක් ම සැපයක් සේ ඉවසු, දැඩි හිරු රැස්, සිහින් පවන් රැල්ලක් සේ දැරූ ඇය මගේ දයාබර අම්මා ය.


නිවසේ මිණි පහන

අම්මා යන වචනය තරම් මිහිරි වචනයක් තවත් ඇතැයි මම නො සිතමි. සෑම මනුෂ්‍යයෙකුට ම හා සත්ත්වයෙකුට ම මෙලොව එළිය දැකීමට හැකි වූයේ මෑණියන් නිසා ය. දස මසක් කුස දරා මෙලොව එළිය දුටු පසු ද, දරුවාට ඇති අප්‍රමාණ ස්නේහය නිසා ඇගේ ලේ කිරි බවට හැරෙන්නේ ය.

සෑම ගෙදරක ම මහා බ්‍රහ්මයා වැඩ සිටින්නේ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. හැම ගෙදරක ම සිටින මහා බ්‍රහ්මයා තම මව්පියන් ය. මහලු මිනිසෙකුට පවා වේදනාවක්, රෝගයක් පැමිණිවිට ඉබේ ම මුවින් පිටවන වචනය ‘අම්මා’ යන්න යි. අම්මා තරම් හොඳ හිතවතෙකු, නෑදෑයෙකු, මිත්‍රයෙකු, කෙනෙකුට නො ලැබෙන බවට එය කදිම සාක්කියකි.

අම්මාගේ කටහඬ සංගීතයක් මෙන් මිහිරි ය. දරුවන් මෙ තරම් අම්මාට ආදරය කරන්නේ උපන් දා සිට ඇගේ තුරුළේ සිට ලැබූ උණුසුම නිසා ය. අම්මා ගෙදර මිණි පහන වන්නේ ඒ නිසා ය. නිවසක් ආලෝකමත් වන්නේ අම්මාගෙනි. ඇයගේ ආලෝකය සෑම දරුවෙකුටම අවශ්‍ය යි. ගෙදරට මිණි පහන වූ අම්මාට අපගේ ජීවිතයට වඩා ආදරය කළ යුතු වේ.


ලොවේ උතුම් කත

කර්මයේ විපාක ලෙස, මව් කුසෙහි පිළිසිඳ ගන්නා අපි මේ සංසාර රඟමඩලේ රඟපාමින් සිටිමු. මව් කුසක් තුළ පිළිසිඳ ගත් දා සිට මාස නවයක් අනේක දුක් වේදනා මැද අප සියල්ලෝ ම මේ ලොවට ජනිත වන්නේ අම්මා නිසා ය. සිඟාලෝවාද සූත්‍රයේ මව්පියන් විසින් දරුවන්ට ඉටු විය යුතු යුතුකම් මගේ මව මා වෙත ඉටු කරන්නී ය. ඒ සිව් බඹ විහරණ ගුණයෙන් පරිපූර්ණව, මව් සෙනෙහසේ් ගුණ කඳ මුසු කොට ය. මගේ මව පමණක් නොව, මෙලොව උතුම් පදවිය දරන සියලුම මව්වරුන් එසේ යැයි මම සිතමි. මවකගේ ගුණ සමුදාය පිළිබඳ කතිකා කොට හෝ ලේඛනය කොට හමාර කිරීමට මම අසමත් වෙමි. ඒ තරමට ම මව්ගුණ අමිල යි. මගේ අම්මා, උපදින මතු සසරෙත් මගේ ම අම්මා වේවායි ප්‍රාර්ථනය කරන්නේ මගේ අම්මාගේ දසත පැතිරෙන උදාර මාතෘත්වය නිසා ය.


සදා නොමැකෙන නාමය

අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ ගුණයන් වූ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණයන්ගෙන් යුතු මහා බ්‍රහ්මයාට සම කළේ ආදරණීය අම්මා ය. දස මසක් කුස දරා, ලේ කිරි කර පොවා අප හැදූ වැඩූ අම්මා අප සිත් හි සදා නොමැකී ජීවත්වනු ඇත. ඇය අප හොඳ පුරවැසියන් කරන අදිටනින් නිතර ඔවා දෙමින් යහමඟ යැවීමට මහත් වෙහෙසක් දරන්නී ය.


මගේ ලෝකයේ - වීර කත

තුන් කල් දක්නා නුවණ ඇති එක ම දෙව්ලිය මගේ අම්මා ය. අම්මාගේ ගුණ වචන කිහිපයකට ගොනු කරගත නොහැකි ය. මා සිතන්නේ මෙලොව පහළ වූ යහ ගුණයෙන් යුතු කාන්තාව මගේ අම්මා වන බව ය.

සමස්ත ලෝකය ම නිර්මාණය වී ඇත්තේ අම්මාවරුන්ගෙනි. මගේ අම්මා ලේ කිරිකර පොවා මා පෝෂණය කිරීමට ගත් උත්සාහය සීමා රහිත ය. මම මෙලොව දුටුවේ ඇයගේ ඇසිනි. ඇය ගැන නො සිතා සැමවිටම මා ගැන සිතුවේ සිතෙහි ඇති අපරිමිත සෙනෙහස නිසා ය. ඇය මගේ සිත තුළ ඇති සිතුම් පැතුම් එක් නිමේෂයක දී සොයා ගනියි. යා යුතු මඟ නොමඟ පෙන්වා දී මා පණමෙන් රැකබලා ගනියි. ‘අම්මා’ යන අමරණීය වචනයෙන් පිදුම් ලද ඇය, මා සිත තුළ රජ කරන වීර කාන්තාව යි. මගේ අම්මා නිවන් දකිනා තුරුම ඇයගේ දියණිය වීමට මම ප්‍රාර්ථනා කරමි.


මහමෙරක්වන් සෙනෙහස

ලේ කිරි කර දී මා පෝෂණය කළේ මගේ ආදරණීය අම්මා ය. ලෙඩක් දුකක් සෑදුණු විට ඈ අප ළඟ ම සිටියා ය. කවා පොවා අප ආදරයෙන් රැක බලා ගත්තේත්, මාගේ ආදරණීය අම්මා යි. පවුල නමැති මහා වෘක්ෂයේ අතු ඉති විහිදා රැකවරණය සලසන්නී ද ඇය යි. ඈ අපට හොඳ නරක කියා දී අප ආරක්ෂා කිරීමට බොහෝ මහන්සි ගන්නී ය. අම්මාගේ සෙනෙහස මට මහමෙරකි.