Print this Article


කොහුවල ධාතුමළු විහාරයේ දිනපතා දම් දෙසුම්

කොහුවල ධාතුමළු විහාරයේ දිනපතා දම් දෙසුම්

කොහුවල ධාතුමළු විහාරස්ථානයේ කඨින පින්කම නිමිත්තෙන් ජූලි මස 9 වන දා ආරම්භ කරන ලද ධර්ම දේශනා පින්කම් මාලාව නොවැම්බර් 3 වන දා දක්වා විහාරාධිපති පිටිගල සෝණුත්තර හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. දිනපතා සවස 6 ට බුද්ධ පූජා පින්කමද සවස 6.30 – 7.30 දක්වා ධර්ම දේශනාවද පැවැත්වේ. ඒ අනුව මෙම 5 වන දා පයාගල නිමලහිමි 6 වන දා දර්ශනපති එලමල්දෙණියේ සාරානන්ද හිමි 7 වනදා රත්තොට සීලවංස හිමි, 8 වනදා රාජකීය පණ්ඩිත ලග්ගල අසම හිමි 9 වන දා දර්ශනපති අලුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, 10 වන දා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි විසින් එම දම් දෙසුම් පවත්වනු ලැබේ.