Print this Article


බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමියන්ගේ 121 වැනි ජන්ම දිනයට සැමරුම්

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමියන්ගේ 121 වැනි ජන්ම දිනයට සැමරුම්

අපවත් වී වදාළ අභිධජ මහාරට්ඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමිපාණන් වහන්සේගේ 121 වෙනි ජන්ම දින උපහාර උළෙල හා ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය මේ මස 03 වැනි දින බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ මියන්මාර් (බුරුම) තානාධිපති යු මින්තෙයින් සැන් මහතාගේ සුවිශේෂි සහභාගිත්වයෙන් එම වැඩසටහන් සංවිධානය කොට ඇති බව බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය පදනමේ සභාපති බඹරබොටුවේ ආනන්ද මංගල හිමියෝ දන්වා සිටිති.