Print this Article


ගල්බොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේට නිරෝගි සම්පත් පැතීමේ පින්කම 12, 13, 14 දිනවල දිවා රාත්‍රී පුරා

ගල්බොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේට නිරෝගි සම්පත් පැතීමේ පින්කම 12, 13, 14 දිනවල දිවා රාත්‍රී පුරා

විවෘත ආරාධනය – හිතවතුන්ට, දායක දායිකා පවුල්වල සැමට, ගංගාරාමයට සහ සම්බන්ධ ගරු මහා සංඝරත්නයට, ජිනරතන කාර්මික විද්‍යාල දරුවන්ට, ඉගෙනුම, පුහුණුව ලැබූ සැමට, එම පවුල්වල සැමට, කතරගම ගංගාරාම විශ්‍රාම ශාලාවට ආධාර කළ, නවාතැන් ගත් සැමට, පොදු සේවාවලට සහාය දුන් සැමට.

වකුගඩු ශරීරයට හෘදය වස්තුව හා සමාන වටිනා දෙයකි. අද සැමට අහිමි වී යන්නේ වකුගඩුවය. එම රෝගයෙන් සකල ලංකා වාසී ජනතාව ආරක්ෂා කර ගැනීමට ශ්‍රමයෙන් කැපවීමට කැමැති සත්පුරුෂයන්ට එක්වීමට ආරාධනා. අඩුතරමින් තම පවුලවත් මේ රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට අප සමඟ එක්වන්න. ලියා දන්වන්න.

පළමු පියවර පානීය ජලය හොඳට උණුකර නිවා බොන්න ආරම්භ කරන්න. වකුගඩු රෝගයෙන් පෙළෙන අයට ආහාරයට ගන්නා එළවළු පැයක් දෙකක් සැර ලුණු වතුරේ තබා පිසීමට ගන්න. අපවිත්‍ර ආහාර නොගන්න. සත්ව මාංශයෙන් වළකින්න. මාංශයෙන් වැළකීමට බැරි අය ලුණු වතුරේ පෝෂණය වන මූහුදු මාළු මාංශයෙන් සීමාවක් තබාගන්න. ආහාරය, පානීය ජලය පරිස්සමින් භාවිතයෙන් වකුගඩු රැකගත හැකි ය.

වකුගඩු රෝග නිවාරණ වැඩ සටහනට මුදලින් ආධාර අවශ්‍ය නැත. ශ්‍රමයෙන්, කැපවීමෙන් අනික් අයට මඟ පෙන්වීමෙන්, ආදර්ශයෙන් නිවාරණය කරගත හැකි ය.

ගංගාරාමය, 61, ශ්‍රී ජිනරතන පාර, කොළඹ 02.