Print this Article


අභයගිරි විහාරයේ වාර්ෂික පින්කම 30 දා

අභයගිරි විහාරයේ වාර්ෂික පින්කම 30 දා

අනුරාධපුර ඓතිහාසික අභයගිරි රජමහා විහාරස්ථ වාර්ෂික මහා භෛරව පූජා හා කිරි ඉතිරවීමේ මංගල්‍යය මෙම 30 දින ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා මත ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අභයගිරි විහාරාධිකාරි කල්ලංචියේ රතනසිරි නා හිමියන්ගේ මඟපෙන්වීම යටතේ උත්සව කමිටුව මගින් මෙය සංවිධානය කරනු ලබයි.

මෙදින පස්වරු 6.00 ට උත්සවයේ ආරම්භක පෙරහර ලංකාරාම විහාරස්ථානය අභියසින් ආරම්භ වේ. රාත්‍රී 7.00 ට ආලෝක පූජාව හා ශබ්ද පූජාව පවත්වා රාත්‍රි 7.15 ට බුද්ධ පුජාව හා බෝධිපූජාව පැවැත්වේ. රාත්‍රී 7.30 ට ශ්‍රී විෂ්ණු දේව පූජාව පවත්වා රාත්‍රී 8.0 ට වාර්ෂික කිරි ඉතිරිවීමේ මංගල්‍යය හා භෛරව පූජාවන් පැවැත්වේ. රාත්‍රී 9.00 රැස්ව සිටින බැතිමතුන්ට දේවදානය බෙදාදීම සිදුකරනු ලබයි.

රජයටත්, රටටත් , ත්‍රිවිධ හමුදාවට හා පොලීසියටත්, සියලු ආරක්ෂක අංශවලටත් හා සමස්ත ලක්වැසි ජනතාවටත් සෙත්පතා මෙම වාර්ෂික භෛරව පූජෝත්සවය පැවැත්වෙන බව සංවිධායක කමිටුවේ ප්‍රධාන ලේකම් එස්. වී.ද සේරම් මහතා කීය.