Print this Article


සෝමවතී දීපාලෝකන පින්කම් මාලාව දෙදිනක්

සෝමවතී දීපාලෝකන පින්කම් මාලාව දෙදිනක්

සෝමවතී සෑ රදුන් අබියස පැවැත්වෙන සෝමවති දීපාලෝකන පින්කම් මාලාව සැප්තැම්බර් 04 හා 05 යන දෙදින පුරා සෑ රදුන් අබියස දී පැවැත්වීමට නියමිත ය.

එම පින්කම් මාලාවේදී ධර්ම දේශනා, සෑ රදුන් දීපාලෝකයෙන් ඒකාලෝක කිරීම, කප්රුක් පූජාව, බෝධි පූජා ආදි පින්කම් මාලාවක් සිදු කිරීමට නියමිත ය.

මීට අමතරව සිල් සමාදන් වූ පින්වතුන් උදෙසා සිල් රෙදි බෙදාදීම හා පාසල් ළමුන්ට පොත්පත් බෙදා දීමද සිදු කිරීමට නියමිතය.

එම පින්කම් මාලාව සංවිධානය කරනුයේ විදෙස් රටක වෙසෙන කැලුම් සුජිත් මහතාගේ ප්‍රධානත්වයෙනි.

04 වැනිදා ස්තූපය වටා මල් ඇතිරීම, කප්රුක් පූජාව, සෝමවතී ස්තූප දීපාලෝකනය කිරීම, ගිලන්පස බුද්ධ පූජාව , දන්සල ආරම්භ කිරීම, ධර්ම දේශනාව හා රාත්‍රී පිරිත් සජ්ඣායනාව පැවැත්වේ.

පසු දින උදේ කිරිපිඩු බුද්ධ පූජාව, දවල් දානය, සිල් රෙදි බෙදා දීම හා පාසල් දරුවන්ට පොත්පත් බෙදාදීම ආදි පින්කම් මාලාවක් පැවැත්වේ.