Print this Article


ඉබ්බාගමුව නැෂනල්වත්ත ශ්‍රී පඤ්ඤාසාර දහම් පාසල

ඉබ්බාගමුව නැෂනල්වත්ත ශ්‍රී පඤ්ඤාසාර දහම් පාසල


විහාරාධිපති මුල්ලේගම සුමනවංශ හිමි

2009 ජනවාරි මස 04 වන දින ආරම්භ කරන ලද ඉබ්බාගමුව, නැෂනල්වත්ත ශ්‍රී පඤ්ඤාසාර දහම් පාසල ඉබ්බාගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලය තුළ පිහිටි ප්‍රධාන පෙළේ දහම් පාසලකි.

නැෂනල්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරයේ අධිපති මුල්ලේගම සුමනවංශ හිමියන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ පැවැත්වෙන මෙම දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අසූවක් පමණ ඉගෙනුම ලබති.

මූලික ශ්‍රේණියේ සිට දහම් පාසල් අවසාන ශ්‍රේණිය දක්වා එහි පන්ති පැවැත්වෙන අතර එකොළොස් දෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලය දහම් දැනුම ලබා දෙමින් සිටිති. ප්‍රාදේශීය දහම් පාසල් තරගවලදී සෑම වසරක දී ම මෙම දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශිෂ්ට සාමාර්ථ හිමිකරගන්නා බව විහාරාධිපති මුල්ලේගම සුමනවංශ හිමියෝ පවසති.

විහාරාධිපති හිමියන් සමඟ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය

දහම් පාසලේ සිසු සිසුවියන්