Print this Article


යථාභූත ඥානය

යථාභූත ඥානය

ලෝකයා දහම වෙත එනතුරු නොසිට අද අදම දහම අවබෝධ කර ගැනීමට උත්සුක වීම වටී. බුද්ධ ධර්මය දේශනා කළේ ධර්මාවබෝධය සඳහා ය. “මහණෙනි, ඔබලා මතු භවයේ දිව්‍ය සම්පත් ලබා ගන්නට මා වෙත බඹසර රකී නම් මෙය මට ද ලජ්ජාවට කරුණකි” යැ’යි බුදුහිමියෝ දේශනා කළහ. ඉන් කියවෙන්නේ මෙහි ප්‍රශ්නය ඒ මොහොතේම විසඳිය යුතු බවයි. එය හොඳම විද්‍යාවයි. එම ප්‍රශ්නය සරලව හෝ විසඳීමට තව පමා වන්නේ ඇයි?

අවිද්‍යාව දුරුකොට විද්‍යාව පහළ කර ගැනීමට බුදු දහමින් මඟ කියා දෙයි. එම විද්‍යා ඥානය ලබා ගන්නේ සිත දියුණු කිරීමෙනි. එවිට “ඇත්ත ඇති සැටියෙන්” පෙනේ. යථාභූත ඥානය යනුවෙන් සඳහන් වන්නේ එය යි. විද්‍යාව සඳහා සමථ - විදර්ශනා භාවනා වැඩිය යුතු බව ධර්මයේ පැහැදිලි කොට ඇත. “ද්වෙ මෙ භික්ඛවෙ ධම්මා විජ්ජා භාග්‍යා සං වත්තංති කතමෙ ද්වෙ සමතොච විපස්සනා ච...” යනුවෙන් පැහැදිලි කර ඇත.

බටහිර දිග වැසියන් භාවිතා කරන “සයන්ස්” (Science) යන්නට අප විද්‍යාව යන වචනය භාවිතා කරන නිසා අපගේ විද්‍යාවත්, බටහිර විද්‍යාවත් හොඳින් හඳුනාගත හැකි නොවේ. ඔවුන් විද්‍යා ඥානය හෙවත් සයන්ස්ටිෆිකලි නොලේජ් (Scienctificaly Knowledge) ලබා ගන්නේ සමථ - විදර්ශනා භාවනා කිරීමෙන් නොව විද්‍යාත්මක ක්‍රම වේදයක් (සයන්ස්ටිෆිකලි මෙතර්ඩ් - Scienctificaly Methord)අනුගමනය කිරීමෙනි. වසර තුන් හාරසීයකට පෙර කාර්මික විප්ලවයත් සමඟ ඇතිවුණු නවීන විද්‍යාව (මොඩර්න් සයන්ස් -Modern Science)නිසා ලෝකය “භෞතික වශයෙන්” ඉතා විශාල දියුණුවක් ලැබී ය. විද්‍යාඥයෝ ස්වභාව ධර්මය තුළින් පැන නැගෙන ගැටලු හා ප්‍රශ්න වලට නිවැරැදි පිළිතුරු පර්යේෂණය කිරීම සඳහා සයන්ස් (Science) යන්න භාවිතා කළහ. කුතුහලය නිසා ජීවිතය සම්බන්ධව ඉන්ද්‍රියන් මාර්ගයෙන් මෙම කරුණු විධිමත් අධ්‍යයනය සඳහා ලයිෆ් සයන්ස් (Life Science)යන්න භාවිත කළහ. සිතෙන් ,අනුමානයෙන් තර්කයෙන් පමණක් යථා තත්ත්වය සෙවිය නොහැකි බව තේරුම් ගත් ඔවුහු ලයිෆ් සයන්ස්හි(Life Science) පැරැණි විශ්වාස සැකයට භාජනය කර පර්යේෂණ කළහ. පෘථිවිය පැතළි යැයි ඇදහූ පැරැන්නන්ගේ මතය බිඳ හෙලූ කොපර් නිකස් එය ගෝලාකාර යැයි හෙළි දරව් කළේ ය. එකල දැඩි ආගමික මතධාරීහු ඔහු ඝාතනය කළහ. එහෙත් විද්‍යාඥයෝ දිගින් දිගටම ස්වභාවික ශක්තිය පිළිබඳ කරුණු ලෝකයට එළි කළහ. අද ද මිථ්‍යා කරුණු ලොවෙහි බහුල ය. එවැනි කරුණු නිවැරැදි කිරීමට විද්‍යාව උපයෝගී කරගන්නා ක්‍රමයට විද්‍යාත්මක ක්‍රමවේද (සයන්ස්ටිෆිකලි මෙතර්ඩ්-Scienctificaly Method) යැයි කියනු ලැබේ. ගැටලුවකට අනුමානයට සිතෙන් ගන්නා දේ හේතුවක් හැටියට විද්‍යාව බාර නොගනී. ඊට පියවර(Steps)ගණනාවකි.

1.ප්‍රශ්නය නැත්නම් ගැටලුව හඳුනා ගන්න.

2. ද්‍රව්‍ය විශ්ලේෂණය සඳහා ප්‍රශ්නයට අදාළ දත්ත (Data) එකතු කරන්න.

3.උපන්‍යාසයක් (Hyperthesis)කල්පිතයක් හෝ කීපයක් ගොඩ නඟන්න.

4.එක් උපන්‍යාසයක් පරීක්ෂාවට ලක් කරන්න.

5.ප්‍රතිඵල විශ්ලේෂණය කරන්න

6.එයින් උප න්‍යාසය සනාථ කළ හැකි ද?

7.ඔව් / නැත පිළිතුර ලබා ගන්න.

8.පිළිතුර “ නැත” නම් නැවත පර්යේෂණය කරන්න. උපන්‍යාසය වෙනස් කර බලන්න. ප්‍රකාශයට ද පත් කරන්න.

9.පිළිතුර “ඔව්” නම් උපන්‍යාසය තහවුරු කිරීමට “පාලක පර්යේෂණ”(Controlled Experiment)යොදා නැවත පර්යේෂණය අරඹන්න. විවිධ පර්යේෂණ මඟින් තහවුරු කරන්න. (මේ සඳහා මාස කීපයක් හෝ වසර ගණනක් ගත විය හැකියි.)

10.නිවැරැදි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්න. මෙසේ ගැටලුවක් සඳහා පියවරෙන් පියවර සහයෝගයක් අනුගමනය නො කොට රූප ශාස්ත්‍රය රූප විද්‍යාව හැටියටත් ප්‍රජා කාර්ය දේශපාලන විද්‍යාව හැටියටත්, භාෂා ශාස්ත්‍රය වාස්තු විද්‍යාව හැටියටත්, කෘෂිකර්මය කෘෂි විද්‍යාව හැටියටත් ,බෞද්ධ ධර්මය බෞද්ධ විද්‍යාව හැටියටත් යනාදී භාවිතා කරන්නේ සයන්ස්(Science) යන විෂය නොවන බව පැහැදිලි ය.

විද්‍යාඥයෙක් සයන්ස්ටිෆික් එක්ස්පෙරිමන්ට්(Scienctific Experiment) යන ගණනාවක් සිදුකොට නැවත උපන්‍යාසය (Hypothesis)පරීක්ෂාකොට උපන්‍යාසය සාදා එය නැවතත් පරීක්ෂාවට ලක් කෙරේ. මේ සඳහා ඇතැම් විට වසර ගණනක් ගත වේ. සියලු ඖෂධ වර්ග සොයා ගන්නේ වසර ගණනක පර්යේෂණවල ප්‍රතිඵල වශයෙනි. ලබාගන්නා ප්‍රතිඵල එම විද්‍යාඥයන් අතර ප්‍රකාශ කරමින් අනෙකුත් විද්‍යාඥයන්ට ද එම ප්‍රතිඵලය ලැබීමේ පරීක්ෂා කරමින් නිවැරැදි ප්‍රතිඵලයකට ළඟාවී එම කරුණු සනාථ මෙන්ම අනාථ කළ හැකි දැයි පරීක්ෂා කෙරේ. අප මීට පෙර සඳහන් කළ මොළය හා සිත සම්බන්ධ ලිපිය විද්‍යාඥයන්ගේ වසර ගණනාවක පර්යේෂණවල ප්‍රතිඵලයකි. ප්‍රතිඵල තහවුරු කරගත් පසු විද්‍යාත්මක ආකෘතීන්(Scienctific Modle) සාදා එය පැහැදිලි කෙරෙන අතර ලොවපුරා භාවිත කෙරේ. භෞතික ආකෘතීන් (Physical Modle) ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය වලින් ද සාදනු ලැබේ. ප්ලාස්ටික් වලින් සාදන මොළය, හදවත, පෙනහළු හා ආහාර මාර්ග පද්ධති මේ සඳහා කදිම නිදසුන් ය.

න්‍යාය (Theory)

මිනිසුන්ගේ විද්‍යා ඥානය සයන්ස්ටිෆික් නොලේජ්(Scienctific Knowlage)දියුණු කිරීමට ආදර්ශ උපයෝගී කරගන්නා අතර ගවේෂණ මඟින් එකම ප්‍රතිඵල ලැබේ නම් එම උපන්‍යාසය තියරි(Theory)වර්ගයක් හැටියට විද්‍යාඥයන් අතර භාවිතා වේ. උදා:- පරිණාමවාදය තවමත් වාදයක් වශයෙන් පවතී.

ලෝ (Law) ගවේෂණයේ ප්‍රතිඵල හැටියට ඉතාම නිවැරැදි, වෙනස් නොවන තරමට ශක්තියට ළඟාවිය හැකිනම් එය විද්‍යාත්මික නියමයක්, සයන්ස්ටිෆික් ලෝ (Scienctific Law) හැටියට භාවිත වෙයි. ලෝකය “පැතිලි” යැයි පැවසූ පැරැණි අදහස නිවැරැදි කර එය ගෝලාකාර යැයි පළමුවරට සිතූ කොපර් නිකස් විද්‍යාඥයා දැඩි ආගමික මතධාරීන් විසින් ඝාතනය කරන ලදී. නමුත් ඔහු පැවසූ දේ අද සත්‍යයක් වී තිබෙයි.

විද්‍යාඥයන් දිගින් දිගටම කළ දහසක් පර්යේෂණ ප්‍රතිඵල අදවන විට සත්‍ය තහවුරුවී හමාර ය. එහෙත් විද්‍යාවේ පරමාර්ථය “නිවන” නොවේ. කෙසේ වෙතත් භාවනා කිරීමෙන් ශාරීරික හා මානසිකව බොහෝ ප්‍රතිඵල අත්වන බව පර්යේෂණ ඇසුරෙන් තහවුරු කරගෙන තිබේ. අධික රුධිර පීඩනය, මානසික වෙහෙස(Strees) ආතතිය (Tension)කළහකාරී මානසික ස්වභාවය(Aggresive)දැඩි නොසන්සුන්තාව, (Resitless)දොම්නස(Depress)භාවනා මඟින් පාලනය කරගත හැකි බව විද්‍යාත්මක පර්යේෂණ වලින් තහවුරු කරගෙන තිබෙයි. බටහිර වැසියන් බුදුදහම ආකර්ශනය කිරීමට විශාල පිටිවහලක් වී තිබෙයි. බටහිර පමණක් නොව, වසර කීපයකට පෙර ආගමික බව ප්‍රතික්ෂේප කළ භෞතිකවාදී න්‍යායන් මත ගොඩනැඟුණු චීනයේ නොබෝදා කෝටි තිහක් බෞද්ධාගම වැළඳගෙන ඇති බවට විදේශීය මාධ්‍යයක් වාර්තා කළේය. භෞතික විද්‍යාඥයන් බුදු දහමේ සත්‍ය අනාවරණය කිරීම මෙයට හේතුවක් බව චීන හිමිනමක් අප සමඟ පැවසීය. ස්නායු විද්‍යාව(Neuroscience) හා භාවනාව (Meditation)නමින් අන්තර්ජාලය තුළින් මේ සම්බන්ධව බොහෝ දෑ උගත හැකිය. මාධ්‍ය තුළින් අපරාධ හා කළහකාරී ක්‍රියාවන් ප්‍රවෘත්ති තුළින් පෙන්වනවා වෙනුවට බුද්ධිය දනවන යහපත් දෑ ද පෙන්වන්නේ නම් කෙතරම් යහපත් ද?