Print this Article


මහා නා හිමිවරුන්ගේ අනුශාසනා ලබාගෙන රන් වියන ප්‍රතිසංස්කරණය කරනවා - අගමැති

මහා නා හිමිවරුන්ගේ අනුශාසනා ලබාගෙන රන් වියන ප්‍රතිසංස්කරණය කරනවා - අගමැති

ශ්‍රී දළදා සමිඳුන් වැඩ වාසය කරන්නාවූ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කිරීම මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ අනුශාසනා මත දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිය දේශපාලන ජීවිතයට වසර හතළිහක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබා ගැනීමට මහනුවර පැමිණි අවස්ථාවේ ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් රන් වියන ඉදිකර ශ්‍රී දළදා මාලිගාවට පූජා කළ අතර එය 2001 වසරේ දී ප්‍රතිසංස්කරණය කරනු ලැබුවේද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය හෙබවූ සමයේදී ය.

ශ්‍රී දළදා මාලිගාවට එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයක් 1998 වසරේ දී එල්ල වීමෙන් පසු රන් වියන එවර එය ප්‍රතිසංස්කරණයට හේතු විය. රන් වියන ප්‍රතිසංස්කරණය කටයුතු කඩිනමින් ආරම්භ කරන බව අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.