Print this Article


දැහැමෙන් ලොව දිනමු

අපිත් වඳිමු මුනි සිරිපද සාදු කියාලා

සකි සඳ පෙනේ සමනොල ගිරි පෙදෙසින්නේ
සාධු සාධු සාධු හඬයි දසත ඇසෙන්නේ
අත්වැල් බැඳගෙන සැම දෙන පේලි සැදෙන්නේ
කිරි කෝඩුයි දඬු කෝඩුයි පෙරටු කරන්නේ

සතියක් පේවී සුදු පිරුවටයෙන් සැරසීලා
තෙල් මල් සඳුනුත් ඔලොගුව ජයට පුරවලා
සුමන සමන් දෙවිඳුන්ගේ පිහිට පතාලා
කරුණාවයි සිරිපද නමදිමු එක් වීලා

සමන් දෙවිඳු පිහිට පතා පඬුරු දමන්නයි
සීත ගඟුලෙ නා පිරුවට ගත දවටන්නයි
තුන් සරණේ ගුණ සිහිකර හෙලේ නඟින්නයි
කරුණාවයි සම්බුදු ගුණ මෙනෙහි කරන්නයි

උඩමළුවේ සිරිපද මත නළල හොවාලා
වඳිමු බැතින් තුන් සරණේ ගුණ සිහි කරලා
සසර ගමන් මඟ කෙටි වී නිවන පතාලා
අපිත් වඳිමු මුනි සිරිපද සාදු කියාලා


සම්බුදු තෙමගුල