Print this Article


පන්සිය නමක් පිණ්ඩපාතයේ වැඩම කෙරේ

පන්සිය නමක් පිණ්ඩපාතයේ වැඩම කෙරේ

රඹෑවේ පාලිත හිමියන්ගේ අනුශාසනා පරිදි මහරගම අපේක්ෂා රෝහලේ බෞද්ධ සංගමය මගින් භික්ෂූන් වහන්සේ 500 නමක් සහභාගි කරගනිමින් මහරගම නගර මධ්‍යයේ සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා පිණ්ඩපාත චාරිකාවක් අගෝස්තු 5 වැනි දින පැවැත්වීමට සංවිධානය කොට ඇත. එදින දවල් දානය භික්ෂූන් වහන්සේ 500 නමක් උදෙසා පිරිනැමීමට අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විල්ෆ්‍රඩ් කුමාරසිරි හා ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්වරුන්ගේ මූලිකත්වයෙන් කටයුතු යොදා ඇත.