Print this Article


රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ 40 වන පාර්ලිමේන්තු දිවිය සමරා කැලණිය රජමහා විහාරයේ දී පින්කම්

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ 40 වන පාර්ලිමේන්තු දිවිය සමරා කැලණිය රජමහා විහාරයේ දී පින්කම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 40 වන පාර්ලිමේන්තු දිවිය සැමරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ආශීර්වාදාත්මක බෝධි පූජාවක් ඉකුත් 23 වන දා කැලණිය රජමහා විහාරයේ දී පැවැත්විණි. ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් එම පින්කම සංවිධානය කර තිබිණි. ඒ සඳහා මැති ඇමැතිවරුන් පිරිසක් ද සහභාගි වූ අතර එම පින්කමේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කප්රුක් පූජාවට සහභාගි විය. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ඇතුළු මහ සඟරුවන සෙත් පිරිත් දේශනා කරමින් ආශිර්වාද කළහ. විශාල පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.