| 
 
ප්‍රශ්නය -  
බුදු දහමට අනුව මිනිසා බාහිර ශක්තීන් උපයෝගී කරගනිමින් දිවි පැවැත්ම ඉදිරියට 
ගෙනයයි. විවිධ ක්‍රමෝපායන් භාවිතා කරමින් ඒ ඒ අවස්ථාවලදී මිනිසා පෙනී සිටී. 
අංගුත්තර නිකායේ එබඳු කරුණු අටක් ධර්මයෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න. 
			 
පිළිතුර -  
1. රුණ්ණබලා දාරකා - ළදරුවෝ හැඬීම බලයකොට ඇත්තේ ය.  
2. කොධ බලො මාතු ගාමො - ස්ත්‍රිය ක්‍රෝධය බලය කොට ගනී.  
3. ආවුධ බලා චොරා - සොරා ආයුධය බලය කොට ගනී.  
4. ඉස්සරිය බලා රාජානො - ඉසුරු බව රජු බලයකොට ගනී  
5. උජ්ඣන්ති බලා බාලා - මෝඩතැනැත්තා වෛරය බලය කොට ගනී.  
6. නිජ්ඣන්ති බාලා පණ්ඩිතා - නුවණැත්තෝ අවබෝධය දැනුම බලයකොට ගනී. 
			 
7. පටිසංඛ්‍යාත බල බහුස්සුතා - බහුශ්‍රැතයෝ ප්‍රවීණත්වය බලයකොට ගනී. 
			 
8. ඛන්ති බලා සමණ බ්‍රාහ්මණ – මහණ බමුණෝ ඉවසීම බලයකොට ඇත්තාහ. |