UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නින්දාවෙන් නිදහස් වීමට නම්...

නින්දාවෙන් නිදහස් වීමට නම්...

ලොවේ දිවිගෙවන කවරෙකුට වුවත් මඟ හැර යන්නට නොහැකි දේ රාශියක් තිබෙයි. ඒ අතර නින්දාව ප්‍රධානයි. නින්දාවට සමාජයේ සැවොම බියයි. එය පිළිකුල් සහගතයි.

නමුත් ඇතැම් අය තම කටයුතු ගැන පරීක්ෂාකාරී වන්නේ නැහැ. මිල , මුදල් ඉපයීම, ආදරය, තම ආශාවන් ඉටුකර ගැනීම වැනි කටයුතු සිහි බුද්ධියෙන් නොකිරීම නිසා පසුකාලීනව විශාල වශ යෙන් නින්දා අපහාස වලට මුහුණ දෙන්න සිදු වෙනවා.

කෙසේ වෙතත්, තමන් නොදැනුවත්ව හෝ දැනුවත්ව සිදුවන වැරැදි වලින් අපහසුතාවයට පත්වෙන්නේ තමන් පමණක් නොවෙයි. තමන්ගේ මව්පියන් දූ දරුවන් හිතවතුන්, රැකියා ස්ථානය මෙන්ම රට,ජාතිය පවා අවමානයට ලක්වෙන්ට පුළුවන්.

එසේනම්, අප අතහැර නොයන නින්දාව නමැති ලෝක ධර්මයෙන් නිදහස් වීමට ඇති එකම ක්‍රමය නිසි අවබෝධයයි.

බුද්ධ දේශනාවට අනුව, අෂ්ට ලෝක ධර්මයට අනුව ලෝකය පෙරළෙනවා. එසේම, ලෝකය අෂ්ට ලෝක ධර්ම අනුව පෙරළෙනවා. මෙයින් අදහස් වන්නේ අෂ්ට ලෝක ධර්මයන් වෙන්වූ ලෝකයක් නැති බවයි. එම නිසා ලොවේ වාසය කරනතාක් අෂ්ට ලෝක ධර්මයේ ගැලවීමක් නැහැ. සද්පුරුෂ, අසද්පුරුෂ, භේදයකින් තොරව කාටත් අටලෝ දහම පැමිණෙනවා. නමුත් මෙහි ඇති විශේෂය වන්නේ ධර්මය නොදන්නා සාමාන්‍ය ජනයා අටලෝ දහමට මුහුණ දෙන විට මැදහත්ව සිටින්නට දන්නේ නැතිකමයි. ඔවුන් ලාභ, සැප, ප්‍රසංසා, යස කෙරෙහි ඇලෙනවා. නොලැබෙන විට දුකට පත්වෙනවා.

එහෙත් ධර්මය දන්නා සද්පුරුෂයා අටලෝ දහමට මුහුණ දෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ලෙසයි. එය පුද්ගලයන්ගේ ප්‍රභේදය අනුව දෙයාකාරයි. පළමුවැන්න ධර්මය පිළිබඳ සාමාන්‍ය හැඟීමක් ඇති කරගත් පුද්ගලයාගේ ක්‍රමයයි. ඔවුන් අලාභ, අයස, නින්දා , දුක් ධර්මතා හමුවේ ක්‍රියාකරන ආකාරය වෙනස් වෙයි. මෙය කරුණු කිහිපයක් යටතේ මෙසේ සඳහන් කරමු.

1. නින්දාව වැනි ලෝක ධර්මයක් පැමිණිවිට නොබියව බාර ගැනීම

2.ලෝකයේ සුවිශේෂී උතුමන්ටත් නින්දා අපහාස පැමිණෙන බැවින් තමන් වැනි අයකුටද එබඳු දේ පැමිණීමේ අරුමයක්, නැති බවත්, එය ලෝකයේ සදාතනික ස්වභාවයක් බවත් තේරුම්ගෙන ලෝකයේ ස්වභාවය සිහි කර සිතේ කලබලකාරී ගතිය පාලනය කළ යුතුයි.

3. එබඳු ගැටලු සහගත අවස්ථාවලදී ඒවා ජයග්‍රහණය කළ අන් අයගේ තොරතුරු සොයා බැලීම. එමෙන්ම සෑම ප්‍රශ්නයකටම යහපත් පිළිතුරක් ඇතැයි සිත දැඩිව තබාගෙන නිදහස්ව බුද්ධිමත්ව පිළිතුරු සෙවීම

4. ධර්ම විනය දත් භික්ෂූන් වහන්සේ හා බුද්ධිමත් ගිහි වියතුන්ගෙන් කරුණු විමසීම. මේ අතුරින් වඩාත් වැදගත් කරුණ වන්නේ කුසල අකුසල පිළිබඳ අවබෝධයක් ඇතිව අකුසල පක්ෂයෙන් බැහැරව කුසල පක්ෂයෙන් පිහිටා කරුණු සෙවීම හා තීරණ ගැනීමයි. ලොවේ සෑම දෙයක්ම වෙනස්වන විපරිණාම වන ස්වභාවය සහ ඒවා කෙරෙහි තෘෂ්ණාවෙන් වසඟවීමෙන් දුකට පත්වන ආකාරය නුවණින් මෙනෙහිකර උපේක්ෂාවෙන් ඇසුරු කිරීම පළමු ක්‍රමයයි

දෙවන ක්‍රමය වන්නේ ධර්මය පිළිබඳ විශේෂ දැනුමක් ඇති තැනැත්තාගේ ක්‍රමයයි. එවැනි පුද්ගලයා අෂ්ඨ ලෝක ධර්මයට අයත් කවර ධර්මයක් තමා වෙත පැමිණියත් නිබඳවම පවතින යථාර්ථය ඇති සැටියෙන් දකිනවා. සාමාන්‍ය ලෝකවාසීන් ලෝකය පිළිබඳ දැනගෙන ඇති ආකාරය හා ලෝකයෙහි පවතින යථා ස්වභාවයෙහි වෙනස නිවැරැදිවම අවබෝධ කර ගන්නවා. සාමාන්‍ය මිනිසුන් ,ගේ දොර ඉඩකඩම් ආදී භෞතික සම්පත් කෙරෙහි දක්වන යථාර්ථයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් නුවණැත්තා දකියි.

ඇලීමට හෝ ගැටීමට පාදකවන දේ ලෝකය තුළ සත්‍ය වශයෙන්ම පවතින බවට අදහස් ඇත්තාට ඒ කෙරෙහි මුළුමනින්ම තෘෂ්ණාව හෝ ද්වේශය නැති කරන්න පුළුන්කමක් නැහැ. එවැනි පුද්ගලයාට හැකිවන්නේ තම කෙලෙස් යටපත් කර සිටීම පමණයි. එහෙත් කෙදිනක හෝ නැවත ඉස්මතුවන කෙලෙස් නිසා ඔහු සසරින් නොමිදෙයි. එහෙත් එබඳු වස්තුවක් සත්‍ය වශයෙන්ම ලෝකයෙහි පවතිනවා නොව පංච උපාධානස්ඛන්ධය වන ධර්මය ඔස්සේ එබඳු දෘෂ්ඨියක් උපදිනවා යන නුවණැත්තාට තෘෂ්ණාව පිහිටුවීමට වස්තුවක් බැහැරින් ලැබෙන්නේ නැහැ. එවැනි උත්තමයාට හමුවන්නේ බාහිර මහා භූතමය රූප සහ අධ්‍යාත්මයේ ඉපිද නැතිවන චිත්ත චෛතසික ධර්මයෝ පමණයි. එහෙයින් එවැනි උත්තමයාට ලාභයද, අලාභයද පංච උපාධානස්ඛන්ධයක් පමණයි. මෙසේ අෂ්ට ලෝක ධර්මයම පංච උපාධානස්ඛන්ධය වශයෙන් නුවණින් දකින්නාගේ තෘෂ්ණාව නිරවශේෂයෙන්ම දුරුවී පුනර්භවයට නොපැමිණ නිවීම සාක්ෂාත් කර ගනියි.

මෙසේ අෂ්ඨ ලෝක ධර්මයට අයත් නින්දාව පිළිබඳව නුවණින් අවබෝධ කිරීමෙන් නිර්වාණය කරා පැමිණීමට භාග්‍ය ලැබෙනවා

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය ජූලි මස 16 වනදා ඉරිදා අපර භාග 01.37 ට ලබයි. 17 වනදා සඳුදා අපරභාග 12.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 23 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]