UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

වස්සානය

බුදු හිමි වඳින හිමිවරු දැක දුක් මුසුව
ඇඳි තුන් සිවුරු කෙත වැහි දියරෙන් යුතුව
දැනගෙන තවත් සිවුරක් අත නැති අඩුව
කඨිනය අනු දත්හ බුදු හිමි වස් පසුව

බඹ සුර සැප ලබන උත්තම වූ වටින
අට මහ කුසල් අතරින් අග තැන් සිටින
වසරට වරක් එළඹෙන පින්කම කඨින
සිහිකර සියලු තැන බොදු කොඩියක් නැඟින


ගුණ දම් සුරකිමු

ගිනිගත් සිත් සැනසේවා
මැදහත් සිත් පිබිදේවා
මුදු හදවත් ඇතිවේවා
ගුණ යහපත් කම් වේවා

බුදු බණ දසදෙස වේවා
සැමදාමත් පව තීවා
සතුරු විපත් දුරු වේවා
සත්‍යම ලොව ජය වේවා


හනිකට පන්සලට යන්න

ගොම්මන් වෙලේ පන්සල් වත්තෙන්
හනිකට ගෙපැළට පැන ආවේ
ඇයිද මගේ බුදු පුතණුවනේ
පොඩි සාදු වී පිළිවෙත් පිරීම
සුමානෙකින් අවසන්වී දෝ

ලොකු හාමුදුරුවෝ බුදුන් පුදන්නට
විහාරයට ගිය නිමේෂයේ
හනිකට ආවේ මගෙ සුදු අම්මට
මේ බත්පත ගෙනවිත් දෙන්නයි
සමාවෙන්න මගෙ සුදු අම්මේ

දවල් දානයෙන් සැමටම රහසේ
බත්පත සැඟවූවා අම්මේ
පෙරදා වාගේ අද රෑ යාමෙත්
මගෙ සුදු අම්මා කුසගින්නේ බව
මට දැනෙනව ආදර අම්මේ

ඔබ මතු දිනයක බුදුවේවා පුත
ඒ භවයෙත් අම්මා වෙන්නම්
නියත විවරණයි පුංචි පුතේ මගෙ
හනිකට පන්සල් යන්න පුතේ

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය ජූලි මස 16 වනදා ඉරිදා අපර භාග 01.37 ට ලබයි. 17 වනදා සඳුදා අපරභාග 12.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 23 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]